දේශපාලුවා- Sri Lanka politics

Sri Lanka politics and commentary

UN- බලු පැනල් එක පිලිබද ලිපි

Thursday, December 11, 2014

ශ්‍රීලංකා රජයේ දූෂිත පාලනය

    ඕනෑම බොරුවක් නොනවත්වා පුනරුච්චාරනය කිරීමෙන් ඇත්තක්යයි එතුගැන්විය හැක, විශේෂයෙන්ම දේශපාලනයේ මෙය සත්‍යකි, දෙමල ජනයාට දෙමල වීම නිසා සිදුවූවායැයි කියන අසාධාරනය මෙවැන්නකි. 2010 ජනාධිපතිවරන කාලයේත් දැනුත් අසන්නට ලැබෙන තවත් බොරුවක් ඇත, ඒ මේ ආන්ඩුව ඉතාම දූෂිත ආන්ඩුවක් බවය, 2010 වසරේ රජයේ ප්‍රධාන පවුලේ උදවිය සම්බන්ධව මේ බොරුව අසන්නට ලැබිනි, ප්‍රධාන පවුලේ උදවිය, හොටලයක් මිලදීගත්තා, රෝහලක් මිලදීගත්තා,  බව දිනපතාම අසන්නට ලැබිනි. ඉන්පසුව 2010 තරම් ප්‍රබලව නොවුනද වරින්වර "ආන්ඩුව දූෂිත යැයි" අසන්නට ලැබිනි, ආන්ඩුව ලෝකයේ තියෙන දූෂිතම ආන්ඩුව යැයිද, ඉතිහාසයේ කිසිම කලක මෙතරම් දූෂිත ආන්ඩුවක් තිබී නැතැයිද අසන්නට ලැබිනි, "ම්ලේච්ච දූෂනය" යන වචනයද දැන් අසන්නට ලැබෙයි.
       ආන්ඩුව දූෂිතයැයි පැවසීම, ආන්ඩුවට පතුරු යන්නට බැනීම, විරුද්ධ පාක්ෂිකයන්ගේ විලාසිතාවකි. ආන්ඩුවේ දූෂන ගැන සාධකඇතිව කතාකරන කිසිවෙක් නැත, ආන්ඩුවේ දූෂනය ගැන රූපවාහිනී විවාදවලදී කතාකරන්නට ඉදිරිපත්වන්නේ  විපක්ෂයේ දේශපාලන නවකයෝ පමනි, ඒ  කරුනු නැතිව දූෂන වංචාගැන කතාකරන්නට යාමෙන් ඇදගෙන නාගන්නට සිදුවන බව ඔවුන්ට අත්දැකීමක් නැති නිසාවෙනි. ආන්ඩුවේ දූෂනය ගැන මහප්‍රානයෙන් කතාකෙරෙන්නේ , තනිපුද්ගල සම්මුඛසාකච්චා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවුනු ප්‍රකාශ,  දේශපාලන රැලි වැනි ඒක පාර්ශ්වික අදහස් දැක්වීම්වල පමනි.
    රටේත් ආන්ඩුවේත් දූෂනයක් නැත්තේ නොවේ, නමුත් මේ දූෂනය ගැන අප කාටත වෙනස් අත්දැකීම ඇත, එකිනෙකාගේ පුද්ගලික අත්දැකීම සමස්තයවත් සත්‍යවත් නොවේ, අන්ධයන් රැලක් අලියාගේ හැටි කිව්කතාව සිංහල ජනප්‍රවාදයේ පුද්ගලික අද්දැකීම සත්‍යයෙන් වෙනස්වන ආකාරය විදහාදක්වන කතාවකි.
     රටක දූෂනයද මෙලෙස වාස්තවිකව මැනගත හැක, ඒ සදහා ක්‍රමවේදයක් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (Transparency international)  නම් අන්තර්ජාතික NGO වෙන් නිපදවාතිබේ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්  ආයතනය රාජපක්ෂ රජයට ඉතාම හතුරු ආයතනයකි, එකි ලංකාශාඛාවේ ප්‍රධානී ජේසී වැලිඅමුන, විරුද්ධ පක්ෂයේ ප්‍රධාන ක්‍රියාකරුවෙකි,  යුද්ධය කාලයේ LTTE මිනීමරු සංවිධායට ඉතාම පක්ෂපාතීව කටයුතු කලේය, මේ ගැන විමල් වීරවන්ශ මහතා පාර්ලිමෙන්තුවේ කල විශේෂප්‍රකාශ වල කරුනු ඇත.
      ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්  ආයතනයෙන් ලෝකයේ රටවල වසරක්පාසා  දූෂන අංකයක් ගනනය කරයි, (http://www.transparency.org/research/cpi/overview ) මේ සදහා ලංකාව මුලින්ම ඇතුල්වූයේ 2002 වසරේදීය, ඒ වසරේ ලංකාවේ දූෂන අංකය 3.7කි, මහින්දරාජපක්ෂ ජනාධිපතිපදවිය බාරගන්නා 2005 වසර ලංකාවේ දුෂන අංකය අඩුම වසරයි (3.1) ඉන්පසු ගෙවුනු වසර 9 තුල අතිවිශාල යුද්ධයක් සිදුවිය, නමුත් දූෂන අංකය විශාල ගරාවැටීමකට පත්වී නැත, ඊට පටහැනිව 2014 වනවිට දූෂන අංකය 3.8 දක්වා වර්ධනය වී ඇත, වෙනත් වචනවලින් කියන්නේනම් දූෂනය අඩුවී ඇත.




      මීලග ප්‍රශ්නය නම් මෙම දර්ශකයේ විශ්වසනීයත්වයයි, මෙය කරන්නේ රාජපක්ෂ රජයට විරුද්ධ  ආයතනයකිනි, මේනිසා ඔවුන්ගේ පාර්ශිකත්වය ගැන ප්‍රශ්නයක් නැත. නමුත් මෙම ක්‍රමය කොතරම් දුරට නිරවද්‍යද? ලිබියාව යනු දූෂිත රාජ්‍යකි, ගඩාෆි පාලන යුගයේ ගඩාෆිගේ පවුලත් ඔහුගේ වර්ෆලා ග්‍රෝත්‍රයත් රටේ සම්පත් පාලයනය කලේය, මේ නිසා මේ කාලයේත් ලිබියාවේ දූෂන අංකය ඉතාඅඩු අගයක් ගත්තේය, අනෙක් අතට ලිබියාව මිලිටරි පාලනයක් ඇතිරටකි, එවන් තත්වයක් මැදවුවද ගඩාෆි මිලිටරි පාලනයෙන් මිදී විශ්වසනීය දත්ත ලබාගැනීමේ හැකියාවක් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයට තිබිනි. 2010 අරාබි වසන්තයෙන් ගඩාෆි පාලනය පෙරලා දමා 2011 දී ගඩාෆි මරා දැමිනි, මින් පසු ග්‍රෝත්‍ර කීපයක නායකයින් බලය සදහා යුධවදින අන්ත අරාජික තත්වයක් උදාවිනි,  දූෂන දර්ශකය මේ තත්වය ඉතා හොදින් ග්‍රහනය කරගෙන ඇත. අරාබි වසන්තය සමග ලිබියාවේ ඇතිවුන අස්ථාවර තත්වයත්, ගඩාෆි පාලනයෙන් පසු අරාජික යුගයේ ඇති අන්ත දූෂිත තත්වයත් දූෂන අංකයේ ක්‍රමක්‍රමයෙන් සිදුවූ  බරපතල ගරාවැටීමකින් ඉතා පැහැදිලිව පෙන්නුම් කර ඇත
        කලාපයේ අනෙකුත් රටවල් සමග සංසංදනය කිරීමෙන් ලංකාවේ විරුද්ධ පාක්ෂිකයන් කියන මේ මහා දූෂනය බලා ගත්හැක, බංග්ලාදේශය, නේපාලය  පමනක් නොව විශාල ආර්ථික වර්ධනයක් ඇති චීනයේ පවා දූෂන අංකය ලංකාවට වඩා අඩු අගයක් ගනී. පාඨකයන්ගේ පහසුව සදහා ඉන්දියාවේ සහ ලංකාවේ දූෂන අංකය 2002 සිට කාලානුරූපව වෙනස්වූ ආකාරය වගු ගත්කර ඇත
 ලංකාවේ රාජපක්ෂ පාලනකාලයේ ඇතිවූ මහා දූෂනය පාඨකයාට පැහැදිලිව දැකගත හැක.  පාඨකයාට එය පැහැදිලිව පෙනෙනේයැයි සිතමි!
මටත් පෙනෙන්නේ නැත!

ලංකාවේ පසුගිය කාලයේ වර්ධනය වූ ම්ලේච්ච දූෂනය  පොදුවිපක්ෂයේ කළුකෙබරයක් පමනි.

Wednesday, December 26, 2012

හලාල් සහතිකේ

හලාල් සහතිකයෙන් මුස්ලිම් ආගමික සංවිධන විශාල ලෙස ධනවත් වන බව ජාතික හෙල උරුමයේ ඔල්පේ සොභිත හිමි පවසා ඇත.
මේක හරිම වැරදි කතාවක්,  කසිකබල් ජාතිවාදියෝ උඩ පැන පැන නටනවා, අපේ ජාතිය නංවන්නනම් මේ වගේ අදහස්,  කබල් ජාතිවාදීන් එක්කනම් කවදාවත් බැහැ, මීට වඩා උපක්‍රම ශීලී ප්‍රායෝගික වැඩපිලිවෙලක් තියෙන්න ඕන.
ඔල්පේ සොභිත හිමි මම ඉතාම ගෞරව කරන යතිවරයෙක් නමුත් මෙතනන්නම් උන්වහන්සේ වැරදියි කියලා කියන්න වෙනනවා.

හලාල් සහතිකයේ මිල දරාගන්න වෙන්නේ වෙලෙන්දාට නෙමෙයි, නිෂ්පාදකයාට, කෑම නිෂ්පාදයෝ වැඩිපිරිසක් කියනවානම් හලාල් සහතිකය තමන්ට දරාගන්න බැරි මිලක් කියලා, හාමුදුරුවෝ ඒ සදහා සාක්ෂි පෙන්වා දෙන්න ඕන, ඊට පස්සේ සහතිකේ දෙන මුස්ලිම් පල්ලියේ උලමා ආයතනයෙන් ඉල්ලා සීටින්න පුලුවන් ඒ සහතිකෙ මිල අසාධාරනයි මිල අඩු කරන්න කියලා, උන් ඒක අහන්නේ නැත්තම්, රජය විසින් ඒ සහතිකේ දෙන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න හාමුදුරුවට පුලුවන්, මේකෙන් උලමා සංවිධානේ හලාල් සහතිකේ බල රහිතකරන්නත් පුලුවන්.

මේ සහතිකේ ආදායමෙන් උලමා සංවිධානේ මුස්ලිම් ආගම ප්‍රවර්ධනය කරන්න කටයුතු කරනවානම් ඒකේ ඇති නීති විරෝධීබව මොකක්ද? වැරැද්ද මොකක්ද? සිංහල බෞද්ධයා විනාශ කරන්න හදනවා කියන එක හරිම වියුක්ත ප්‍රකාශයක්, සිංහල බෞද්ධයා විනාශකරන්නේ කොහොමද? පන්සල් කඩලද, සිංහල බෞද්ධයට ගහලා හිරිහැරකරලද? එහෙම කරපු බවට සාක්ෂි තියනවද? එහෙනම් ඒසදහා රටේ සාමාන්‍ය නීති මගින් ක්‍රියාකරන්න හෙල උරුමය සංවිධානයට බැරි ඇයි? ඒ සදහා නීති ප්‍රමානවත් නැත්තම් පාර්ලිමේන්තුවට පනතක් ගෙන්න නිසි නීති තියන, ඊටපස්සේ ජනමාධ්‍ය හරහා රූපවාහිනිය හරහා ජනතාව ඒ පනත් ගැන දැනුවත් කරන්න, 2/3ක් නෙමෙයි 5/6ක් හම්බවෙයි ඡන්ද පනත සාධාරන නම්.

රට පුරා පන්සල් ගාව මුස්ලිම් පල්ලි ගහනවානම් ඒකේ ඇති වැරැද්ද මොකක්ද්? අනික පන්සල්ක් ගාව පල්ලියක් තිබ්බාම ඒකෙන් ශ්‍රී සද්ධර්මයේ  සත්‍යතාවයට අඩුවක් වෙනවද කැලැලක් වෙනවද?  මොනවද මේ කතා. ජිහාඩ් සංවිධානය වැනි අන්තවාදී හිංසාවාදි සංවිධාන පිහිටුවනවානම් ආයෙත් ඒවා තහනම් කරලා පනත් සම්මත කරගන්න, සාක්ෂි සහිතව ජනතාවට පෙන්නලා දෙන්න, ඔබවහන්සේලාට ලැබිලා තියන ව්‍යවස්ථාදායක බලය පාවිච්චි නොකර අනම් මනම් නන් දොඩවමින් යන්නේ ඇයි.

මෙහෙම පදනමක් නැති වියුක්ත අදහස් ප්‍රචාරය කිරීමේන් සිංහල බෞද්ධ ව්‍යාපාරය තවතවත් දුර්වල වෙනවා, ජනයා ඒ පිලිබදව කලකිරිලා එයින් ඈත්වෙනවා  ඒ නිසා මේ වගේ බරපතල චෝදනා, මේ වගේ වගකීමක් ඇති යතිවරයෙක් ප්‍රකාශකරන්න කලින්  හොදින් හිතලා මතලා සාක්ෂි සොයලා ඒ සදහා ප්‍රායෝගික වැඩපිලිවෙලකුත් එක්ක ඉදිරිපත් කලානම් තමයි හොද.

Thursday, December 13, 2012

රතු වැස්ස

මේ රතු පාටට වැටිච්ච කුනු වැස්සක් ඇමරිකාවේ නාසා කාරයන්ගේ මහා කුමන්ත්‍රනයක ජීව විද්‍යාත්මක ආයුධ ප්‍රහාරයක් කියන එක මහා අදබාල කමක්.
නාසා කාරයෝ උන්ට කරන්න බැරි  මානයකට ඔසවා තැබීමක්.

අපි නොදන්න ඇමරිකාවේ සී අයි ඒ සහ නාසා කාරයෝ. එදා ඉරාක යුද්දෙට යන්න කලින් ඇමරිකාවේ රාජ්‍ය ලේකම් කලිසං ඇදන් ඇවිත් එකේ ආරක්ෂක මන්ඩලේ වාඩිවෙලා ඇන්ත්‍රැක්ස් කුප්පියක් වන වනා  සදාම් හුසෙන් මේවා ටොන් ගානින් හදන්න පටන් අරන් කියලා කෑගැහුවා

දැන් මිනිහගෙන් ඇහුවාම කියනවා මගේ ජීවිතේ ලොකුම මෝඩකම එක කියලා.

එදා සී අයි ඒ එකේ ඩිරෙක්ටර් සදාම් හුසේන් ගාව සමූල ඝාතක අවිතියන එක ඉරහද වගේ විස්වාසයි කියලා දිවුරලා කිව්වා, (Slam dunk) අන්තිමට ඌ  හැන්ගිලා හිටියේ කාගෙද පිලිකන්නක කපපු වලක

මේ සේරම කතා ඉරාකයෙන් පැනලා ආපු බාත් පක්ෂ විරෝධී , ඉරාකයේ බලය ඩැහැගන්න තෙල් සල්ලි ගසාකන්න  කුමන්ත්‍රනය කරපු  කර්ව්බෝල් (curveball) කියන බයියෙක් ගොතපු බොරු බව හෙලිවුනා.

මේ වැස්සක් නාසාකාරයනේ මහා කුමන්ත්‍රනයක් කියන එක  අමන අදබාල ඔලමොට්ටල කතාවක්. උන්ව අධිතක්සේරු කිරීමක්, අපි උන්ට ඔච්චර බය මොකද? උනට ඔය වැඩ බැරි බව ඉහත් උදාහරන සහ වෙනත් සිද්ධි ගනනාවකින් ඔප්පු වෙනවා


චන්න ජයසුමන ජාතික චින්තනේ දන්නවා ඇති, ආචාර්ය නලින්ගේ මග පෙන්වීම උපදෙස්මත ආසනික් පරීක්ෂනේ කලාවෙන්න පුලුවන්, නමුත් මිනිහාගේ අන්තර්ජාතික දේශපාලනේ ගැන දැනුම, විද්‍යා දැනුම අන්තිම සවුත්තුයි බිංදුවයි කියලා මේ කියලා තියන ඔලමොට්ටල කතාවේන් ඔප්පුවෙනවා

Wednesday, November 28, 2012

පිටසක්වල ජීවීන් පෘථිව්යට එන්නැත්තේ ඇයි?

පිටසක්වල ජීවීන් පෘථුවියට ඇවිත් තියනවා, දැනුත් එනවා කියන එක පට්ටපල් බොරුවක්, ලෝකේ ලොකුම බොරුව කියලත් කිව්වැහැකි, ඒත් ලංකාවේ NGO කාරයෝ කියන කතාවලට ඒ තැන තියලා මේ කතාව පට්ටපල් බොරුවක් බව ඉතාම පහසුවෙන් ඔප්පු කලෑකි.  

1.අපි විශ්වයේ කිසිම වැදගත් කමක් නැති සත්ව කොඨඨාශක් වීම. සුප්‍රසිද්ධ ඩ්‍රේක් සමීකරනයට (Drake equation) අනුව විශ්වයේ අන්තර ග්‍රහලෝක සන්නිවේදනය කලහැකි බුද්ධිමත් ජීවීන් ඉතාම සුලබයි, මේ අනුව අපිට වඩා වසර දස දහස් ගනන් මිලියන ගනන් පැරනි ශිෂ්ඨාචාර විශ්වයේ ඉතාම සුලබයි. මේ නිසා අන්තර් චක්‍රාවාට තරනය කලහැකි තාක්ෂනයක් තියන, පනු හිල් (Wormhole) සමග කටයුතු කරන ජීවීන්ට අපි කිසිම වැදගැම්මට නැති පහත් සත්ව කොඨ්ඨාශයක්.
උදාහරනයක් කියනවානම්, අපි අලි බලන්න යාල කැලේ ගියාම, ගැඩවිල් පනුවෙක්, හැකරැල්ලේක් දැක්කාම වාහනේ නවත්තලා ඌ දිහා බලා ඉන්නේ නැහැ, පාරවල් වලින් හරෝලා ගැඩවිල්ලු හොයාගෙන කීයටවත් යන්නේ නැහැ. අන්න ඒවගේ තමයි අන්තර් චක්‍රාවාට තරනය කල හැකි වසර මිලියන ගනන් ශිෂ්ඨාචාර ඇති ජීවීන්, උන්ට අපෙන් වැඩක් නැහැ. එහෙම ජීවී අන්තර් චක්‍රාවාට තර්නය කරන්න තාක්ෂනයක් හිමි ගවේෂකයන්ට අපේ ග්‍රහලෝකයට ආලෝක වර්ෂ මිලියන ගානකට ඒහා ඉදන් අපේ ග්‍රහලෝකය වැදගත්ද නැත්ද කියලා විශ්ලේෂනය කරලා බලන්න තාක්ෂනයන් තියේන්න ඕන ඒ ගොල්ලෝ මේ පැත්ත පලාතේ එන්නේ නැහැ.

2. චක්‍රාවාට හරහා ආලෝක වර්ෂ මිලියන ගන්න තරනය කල් හැකි ජිවීන් වැරදිලාවත් අපේලෝකෙට ආවොත් හැන්ගී හැන්ගී කැලේ කරක් ගහන්න හේතුවක් නැතිවීම
අපට වඩා වසර මිලියන ගනනකින් ඉදිරියෙන් ඉන්න ජීවීන් අපිට බය වෙන්නේ නැහැ ( අපි හොහපුටන්ට බය නැහැ වගේ) ඒ එකකම උන්ට අපිත් එක්ක සන්නිවේදනය කරන්න ඕනනම් (මොන මලදානෙකටද ? ) උන් මෙක්සිකෝ වල කැලේ හරි, යාල කැලේ හරි ඇමරිකාවේ හද්ද පිටිසර නූගත් ගොවියෝ ඉන්න පලාතකට හරි යන්නේ නැහැ, උන් කෙලින්ම උන්ගේ යානාව බාන්නේ ධවල මන්දිරේ ඉස්සරහා තියන රෝස උද්‍යානයට (Rose garden) , මොකද මේ ලෝකේ පාලනය කරන්නේ ( ලෝකේ ඉන්න සමහර අදබාලයෝ නොපිලිගත්තාට ) ඒකෙන් කියලා උන් දැනගන්නව.
හොද ජාතියක් නම් උන් කතාව ඉවරවෙලා යන්නේ ඒක සමතලාවෙන්න බෝම්බෙකුත් ගහලයි
 මෙන්න මේ සරල කරුනු නිසා පිටසක්වල ජීවීන් අපේ ලෝකෙට ආවා කියලා මම විශ්වාස කරන්නැහැ, මම කියන කරුනු වල වැරැද්දක් තියනවා නම් පෙන්නවලා දෙන්න, බොරු පිටසක්වල ජීවීන් මෙහි ආබවට සාක්ෂි ගූග්ල් කරකර හොයන්න කාලේ නාස්තිකරනවාට වඩා ඒක වැදගත් ව්‍යායාමයක් වෙයි.

 මේ කිසිම දෙකට වඩා, ඉමක් කොනක් නොපෙනෙන විශ්වයේ අපේ මානව සංහතියට ඇති අතිශය නොවැදගත් අංශුමාත්‍ර ප්‍රමානික ස්වභාවය මෙනෙහි කරමින්, මේ බවයේ අසුරු සැනක් වන් අපේ ජීවිතයේ අනියත බව ගැන පහන් සන්වේගයක් ඇති කරගන්න පුලුවන්නම් මේ සේරටම වඩා වැදගත් වෙයි.

Sunday, August 7, 2011

නලින් ගුරුතුමන් හා නලින් ගෝලයින්

දේශයට ලැදි ඉංජිනේරුවෙක්

Guardian” වෙබ් අඩවියේ පළවූ ගේ “A former student of Dr. De Silva” ගේ ලිපියත් “සමනලයා” ගේ ඊට පිළිතුරත් කියවූ පසු මෙසේ ලිවීමට මට සිත් වූයේ මමත් නලින් ද සිල්වා මහතාගේ දර්ශනය ගැන උනන්දුවක් දක්වන නිසාවෙනි.

පැහැදිලිවම ලංකාගාඩියන් වෙබ් අඩවියට අවශ්‍ය නලින් ද සිල්වා මහතාට මඩ ගැසීමට ය. නමුත් අපි එහි පළවූ ලිපිය මදක් විමසා බලමු. පළමුවෙන්ම කිව යුත්තේ නලින් ද සිල්වා මහතාගේ හිටපු ගෝලයෙකු ලෙස තමා හඳුන්වාගන්වා මෙම පුද්ගලයා (අපි මොහුට පළමු ලියුම්කරු යැයි කියමු.) එසේ ගෝලයෙකු වී ඇත්තේ නලින් ද සිල්වා මහතාගේ අදහස් පිළිබඳව නිසි අවබෝධයකින් තොරව බවය. සංක්ෂිප්තව පවසන්නේ නම් නලින් ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද දැනුමේ හරය වන්නේ සියළු දැනුම නිර්මාණබවත් එය මනසට ඉංද්‍රිය පද්ධතියට හා සංස්කෘතියට සාපේක්ෂ බවත් (බටහිර, පෙරදිග සියළු දැනුම්වලට මෙය වලංගු වේ. ) එහෙයින් වාස්තවික යථාර්ථයක් කියා දෙයක් නොමැතිබවත් ය. තව දුරටත් එතුමන් පෙන්වා දී තිබෙන්නේ බටහිරයින් තම දේශපාලන බලය යොදාගනිමින් බටහිර විද්‍යාව පරම සත්‍ය ලෙස ඒත්තු ගන්වමින් එය සෙසු ලෝකය වෙත බලහත්කාරයෙන් පටවනු ලබන බවත්ය. බටහිර දැනුමින් මිදෙන තාක් කල් අපට නිදහසක් නොමැති අතර ඉන් මිදීම සඳහා විය යුතු අනිවාර්ය හා ප්‍රමාණවත් අවශ්‍යතාවයක් වන්නේ සිංහල බෞද්ධ චින්තනය මත පදනම්වූ අපේ දැනුමක් නිර්මාණය කිරීමයි.

කෙසේ හෝ පළමු ලියුම්කරුට මේවා වැටහී නොමැති නමුත් නලින් ද සිල්වා මහතාගේ ගෝලයෙකු වීමට ඔහු එවකට තීරණය කොට තිබේ. බුදු හමුදුරුවන්ටද මෙවනි ගෝලයෝ සිටියහ. අදටත් සිටිති. බුදු දහමේ නාමයෙන් විවිධ අකටයුතුකම් වල යෙදෙන්නෝ මොවුහුය. සමනලයා ද කියන අයුරින් පළමු ලියුම්කරු විශ්වවිද්‍යාලයේදී කර ඇති කුණු වතුර බකට් කිරීම වැනි ක්‍රියාකාරකම්වලින් අපට සිහි වන්නේ ජවිපෙ සිසුන් ය. ජවිපෙ හි පොදු ලක්ෂණය වන්නේ සමාජය කෙරෙහි වන්නාවූ වෛරයයි. පළමු ලියුම්කරු නලින් ද සිල්වා මහතාට ආකර්ෂණය වී ඇත්තේ “බටහිර විරෝධය” නිසාය. එය ද්වේශය පදනම්වූ ආකර්ෂණයක් පමණක් වේ. කුණු බිත්තර ප්‍රහාර, කැළෑපත්තර, අතින් පයින් කළ සාකච්ඡා යන මේවායේ පදනම ද්වේශයයි.

ඉංග්‍රීසි ඉගෙන නොගන්නා ලෙසට නලින් ද සිල්වා මහතා කොහේදීවත් ප්‍රකාශ කර නොමැත. ඒ මහතාගේ මෙන්ම මගේද මතය වන්නේ ඉංග්‍රීසි ද බටහිර විද්‍යාව ද ඉතා ඉහළින් අප උගත යුතු බවය. ඉගෙනීම එකකි. ඉංග්‍රීසියට හෝ බටහිර විද්‍යාවට වැඳ වැටීම තවෙකකි.

පළමු ලියුම්කරු මොන අර්ථයකින්වත් නලින් මහතාගේ දාර්ශනික ගෝලයෙකු නොවන බව ඔහුගේ ලිපිය කියවීමෙන් අපට පසක් වන්නේ ඔහු එතුමන්ගේ දැක්මේ මූලික කරුණුවත් හරිහැටි අවබෝධ කරගෙන නොමැති නිසාය.

මගේ ගුරුවරයා බුදුන් වහන්සේ වන අතර මම උන් වහන්සේගේ ගෝලයෙක් හෙවත් බෞද්ධයෙක් වෙමි. එමෙන්ම මම ගුරුකොට සළකන තවත් කීප දෙනෙකුම සිටින අතර නලින් ද සිල්වා ඇදුරුතුමන් ද ඉන් කෙනෙකි. මා නලින් ද සිල්වා මහතා ගුරුවරයෙකු ලෙස සලකන්නේ පාසැල් යන සමයේ සිට ය. එතුමන්ගේ විදුසර ලිපිත්, මගේ ලෝකය කෘතියත් කියවූ මම ප්‍රධාන වශයෙන්ම එහි තිබූ වාස්තවික යථාර්ථයක් නැතිය යන්නත්, අනිත්‍ය යනු නිත්‍ය නොවීමට වඩා ගැඹුරු අර්ථයක් ඇති වර්තමානයේ සිදුවන්නක්ය යන්නත් බටහිර විද්‍යාව යනු තවත් එක් දැනුම් පද්ධතියක් පමණක්ය යන්නත් ආදී කරුණු කෙරෙහි අතිශයින්ම පැහැදුනෙමි. එසේම එතුමන් තුළ වූ ස්වාධීන බව, එඩිතර හා නිර්භීත බව, අධිෂ්ඨානය, වීර්යය, ප්‍රඥාව, අල්පේච්ඡබව වැනි ගුණාංග එම පැහැදීම තීව්‍ර කරන්නක් විය. පළමු ලියුම්කරු මෙන් නොව මා බටහිර විද්‍යාව ද ඉංග්‍රීසි ද හොඳින් උගත්තේ ජාතික චින්තනය මෙන්ම බෞද්ධ දර්ශනය ද මැනවින් හදාරන අතරදී ය. සමථ හා විදර්ශනා භාවනාව ද මෙහිදී වැදගත් විණි. නලින් ද සිල්වා මහතා ඇතුළු අපි සැම නිවන ප්‍රාර්ථනා කරන්නෝ වෙමු.

ලංකාවේදී ඉංජිනේරු විද්‍යාව හදාළ මා ආචාර්ය උපාධිය හැදෑරීමට ඇමරිකාවට පැමිණියේ මීට වසර කීපයකට පෙර ය. නමුත් ඒ පළමු ලියුම්කරු මෙන් පදිංචියට නොව අධ්‍යාපන කටයුතු නිමවූ විගස ආපසු යන අටියෙනි. එතෙක් නලින් ද සිල්වා මහතාගේ මත වෙනුවෙන් පෙනී සිටිමින් වාද විවාද කිරීමට මා පුරුදුව සිටි අතර සමාන අදහස් දරණ අය සොයා ගොස් ඔවුන් සමඟ දැන හැඳුනුම්කම් ඇති කර ගැනීමටත් ජාතික චින්තනය හා දර්ශනය පිළිබඳව සාකච්ඡා කිරීමටත් මම කටයුතු කළෙමි.

ඇමරිකාවට පැමිණි මට දැක ගත හැකි වූයේ අප රූපවාහිනියෙන් දැක තිබූ පුවත්පත් වලින් කියවා තිබූ ඇමරිකාවට වඩා හාත්පසින්ම වෙනස් තත්වයකි. ඔවුන් සතුව මනා සංවිධානාත්මකබවක් මෙන්ම බොහෝ කරුණු අතින් ලංකාවේ අද පවතින සංස්කෘතියට වඩා හොඳ සංස්කෘතියක් ද තිබේ. (ලංකාවේ අද ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය නොවේ.) බටහිර යටත්විජිතවාදයේ ප්‍රතිඵලයක් ලෙස පිස්සු කෙලින්නේ ඔවුන් නොව අප ය. පළමු ලියුම්කරු ද සඳහන් කර ඇති ආකාරයට ඇමරිකාවේ කාන්තාවකට තනියෙම පාරක, බස් රථයක කිසිදු කරදරයකින් තොරව ගමන් කළ හැකිය. තනියෙම නිවසක වාසය කළ හැකිය. එමෙන්ම ඊර්ෂ්‍යාව, අනුන්ගේ අනවශ්‍ය ඕපාදූප සෙවීම වැනි දුර්ගුණ ඔවුන් කෙරේ විද්‍යාමාන වන්නේ ඉතා අඩුවෙනි. ඇමරිකාව ජාතියක් ලෙස අනෙක් ජාතීන්ගේ ස්වාධීනත්වයට ගරු නොකළද ඇමරිකානුවෝ පුද්ගලයින් ලෙස අනෙකාගේ ස්වාධීනත්වයට ඉහලින්ම ගරු කරති. අන්ධානුකාරණය ඔවුන් තුළ නැති තරම් ය. මින් අදහස් වන්නේ ඇමරිකානු සංස්කෘතිය පරමාදර්ශී එකක් බව නම් නොවේ. එහි සතුන් මැරීම ජයටම සිදුවේ. Fishing, dove hunting වැනි තිරිසන් විනෝදාංශ ඔවුන් අතර වේ. ඔවුන් කාන්තාවට දී ඇති තැන ලාස් වේගාස් නගරයට ගිය විට දැක ගත හැකි වේ. මා මෙසේ බටහිර සංස්කෘතියේ හොඳ නරක ඉතා සංක්ෂිප්තව සඳහන් කළේ අප ප්‍රශ්නය දෙස අගතිගාමී නොවී මැදිහත්ව බැලිය යුතු බව අවධාරණය කිරීමටයි.

පළමු ලියුම්කරුට හමුවූ සේන අයියා වැන්නෙකු නොවුනද මගේ චින්තනයට ද ඉමහත් බලපෑමක් කළ පුද්ගලයෙකු මට ඇමරිකාවේ විශ්වවිද්‍යාලයේදී මුණ ගැසිණි. අපි ඔහුට ජයේ අයියායි කියමු. ජයේ අයියා අග්‍රගණ්‍ය බුද්ධිමතෙකු බව මම එකහෙළා ප්‍රකාශ කරමි. ඔහු තුළවූ නිර්මාණශීලීත්වය, විශ්ලේෂණයේ (analysis) හා පොදුකරණයේ (generalization) දක්ෂබව මා මීට පෙර කිසිවෙකු තුළින් දැක නොතිබුණි. (ඔහුගෙන් අනාගතයේ අප රටට විශාල සේවයක් වෙතැයි අපේක්ෂා කරමි. ) ජයේ අයියා හා මා අතර වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වූයේ මා වඩාත් උපේක්ෂා සහගතව ප්‍රශ්නයක් දෙස බැලීමට පුරුදු වීමයි. වරෙක නලින් ද සිල්වා මහතා විදුසර පුවත්පත මඟින් අභියෝග කර තිබුනේ එකම සෛලය බෙදී බිහිවන නිවුන් දරුවන් වෙනස් ගතිගුණවලින් යුක්තවීම කර්ම විපාකය යොද ගැනීමෙන් තොරව පැහැදිලි කරන ලෙසය. එවිට ජයේ අයියා මගෙන් විමසා සිටියේ ගසක එකම සෛලය දෙකට බෙදී සෑදෙන ගෙඩි දෙකක් එක හා සමාන ද යන්නය. එමෙන්ම එකම ඉලෙක්ට්‍රෝනය දෙකට බෙදුනොත් එම කොටස් දෙක එක හා සමාන ද යන්නයි.

නිර්මාණාත්මක සාපෙක්ෂතාවාදය යනු තවත් එක් දැනුමක් පමණි. එහි ඕනෑ තරම් අඩු පාඩු තිබේ. නලින් ද සිල්වාගේ මත පුනුරුච්ඡාරණය කරන ගෝලයින්ගෙන් නලින් ද සිල්වා මහතාටවත් රටටවත් ඵලක් නොමැත. නලින් ද සිල්වා මහතාගේ මත වුවද එක හෙළා විමසීමකින් තොරව පිළිගැනීම අනුවණකමක් බව ඒ මහතාම වරක් ප්‍රකාශ කළා මට මතකය. රටට අවශ්‍ය නලින් ද සිල්වා මහතාගේ මත වලද අඩුපාඩු පෙන්වා දෙන හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් දකින විචාර බුද්ධිය ඇති පිරිසක් මිස ඒ මහතාගේ අන්ධානුකාරකයින් පිරිසක් නොවේ. ත්‍රිපිටකයේ පවා පිළිගත නොහැකි කරුණු ප්‍රශ්න කිරීමට අප පුරුදු විය යුතුය. (මේවා බුද්ධිමය සංවාද මිස මඩ ගැසීම් නොවිය යුතු බවද අවධාරණය කරනු කැමැත්තෙමි.) බුදු සසුන පවා අද ව්‍යාජ බෞද්ධයින්, එනම් පිළිමයට වන්දනාමාන කරන එහෙත් ප්‍රතිපත්තිමය වශයෙන් බෞද්ධයින් නොවන අය නිසා අනතුරට පත්ව තිබේ. අවාසනාවකට අද දැක ගත හකිව ඇත්තේ ද්වේශ සහගතව නලින් මහතාට මඩ ගසන පිරිසක් හා මහත් භක්තියකින් එතුමන්ගේ මත පුනුරුච්ඡාරණය කරන දෙපිරිසක් අතර සටනකි. මීට විකල්පයක් ලෙස නලින් ද සිල්වා මහතාගෙ මත වර්ධනය කළ හැකි නිර්මාණශීලී ගෝලයන් පිරිසක් බිහි නොවුනහොත් එතුමන්ගෙන් පසුව එතුමන්ගේ ජාතික කර්තව්‍ය ද අභාවයට යෑම නොවැලැක්විය හැකි වනු ඇත.