Sri Lanka politics and commentary

UN- බලු පැනල් එක පිලිබද ලිපි

Thursday, June 24, 2010

UN එකේ බලු පැනල්

මේ පැනල් එක ලංකාවත් එක්ක වෛරයෙන් පලිගන්න , ලංකාව හපාකන්න උසිගන්නපු බලු පැනල් එකක්.

මුලින්ම මෙහෙම පැනල් පත් කරන්න එ.ජා. මහලේකම්ට එ.ජාතීන්ගේ ව්‍යවස්ථාවෙන් කිසිම බලයක් නැහැ. පැනල් පත් කරන්නන්ම, එ.ජා. ආරක්ෂක මන්ඩලයෙන් හරි, එ.ජා. මානව හිමිකම් මන්ඩලයෙන් හරි, වෙනත් මොන බලු මන්ඩලයකින් හරි මහලේකම්ගෙන ඉල්ලීමක් කරන්න ඕන. තමන්ට තනිතීරන ගන්න එ.ජා. මහලේකම් ලෝක ජනාධිපති නෙමෙයි.

මීට අමතරව, ගිය අවුරුද්දේ, එ.ජා. මානව හිමිකම් මන්ඩලයේ සාමාජික රටවල්, ලංකාව පිලිබදව කිසි විමර්ශනයක් අවශ්‍ය නැහැයි කියලා වැඩි චන්දයෙන් පනතකුත් සම්මත කරා.
මේ සේරම මැද මහලේකම් පැනල් පත්කරපු එකෙන් පේනවා, මේක ලංකාව වැරදිකරු කරන්න පූර්ව නිගමනයකින් පත්කරපු බලු පැනල් එකක් බව.

මහලේකම් එ.ජා ව්‍යවස්ථාව උල්ලගනය කරගෙන, එ.ජ. සංගම්යේ මන්ඩල වල නිර්දේශ නොතකා මේ පැනල් පත් කිරීමෙන පෙනවා මෙක කරන්න මහලේකම්ට වෙන සුපිරි බලවතෙක් ගෙන් ප්‍රබල බලකිරීමක් තිබුනු බව.

වෙනත් අදිසි හස්තයක බල පෑම් මත්, එ.ජා සගම්යේ නීති උල්ලගනය කරගෙන පත්කරන නීතිවිරෝධී, අවජාතක බලු පැනල් වලින් අපට අපක්ෂපාතී පරීක්ෂනයක් බලාපොරොත්තුවෙන්න බැහැ.

මීටත් අමතරව මේ බලු පැනල් එකේ ලොක්කා, මීට කලින් ලකාවට ඇවිත් ලකාවේ පරිපාලනයත් එක්ක ගැටුම ඇතිකරගත්ත කෙනෙක්. එ.ජා මහලෙකම්ට ලංකාවට හානියක් කරන්න, මඩ ගහන්න, මීට වඩා හොද ගොය්යෙක් හොයාගන්න බැහැ.

දැන් ලංකාව මේ බලු පැනල් එකට ප්‍රබලව විරුද්ධ වීම නිසා මුං බයවෙලා කියනවා ,හා හා අපි LTTE එකේ මානව හිමිකම් උල්ලගනය කිරීම ගැනත් හොයනවා කියලා.
මේක බලු පැනල් එකක් කියනන තවත් හොද සාක්ෂියක්, LTTE එකේ මානව හිමිකම් උල්ලගනය කිරීම් හොයන්න මුන්ට අවුරුදු 30 කට පස්සෙද ඇස් ඇරුනේ? හොදයි ඕකෙන් ඔප්පුවුනොත් LTTE මානව හිමිකම් උල්ලගනය කලා කියල (මටනම් සැකයි) නඩු දාන්නේ ප්‍රභාකරන්ගේ අම්මටද?

පසුගිය යුද්ද කාලේ එ.ජා සංගමයට අනුබද්ධිත UNICEF වගේ ආයතන වලින් එකට විවිධාකාරයෙන් උදව් කලා කියලා අපි දැක්කා. විමල් වීරවස මන්ත්‍රීතුමා මේවා ගැන පාර්ලිමෙන්තුවේ සතිපතාම පාහේ විශේෂ ප්‍රකාෂ වලින් හෙලි කලා.
මෙවා හෙලිවෙනකොට එකේ ලකා නියෝජිත ජෙනිෆර් ටේලර් (Jennifer Taylor) ලංකාව හැරලා පැනලා ගියා. එ.ජා මහලේකම් මෙවා ගැන හොයන්න පැනල් පත්කරාද?
යුද්ධකාලේ LTTE එකට උදව්කරපු, දැන් තමන්ගෙම ව්‍යවස්ථාව උල්ලගනය කරගෙන නීතිවිරොධීව වැඩකරන එ.ජ. මහලෙකම් බන්කී මූන ගැනවත් මිනිහගේ කිසිම බලු පැනල් එකක් ගැනවත් අපිට කිසි විශ්වාසයක් නැහැ, අපි ඔය බලු පැනල් වල තීරන තඹෙකට ගනන් ගන්නේවත් නැහැ.

No comments:

Post a Comment