Sri Lanka politics and commentary

UN- බලු පැනල් එක පිලිබද ලිපි

Tuesday, July 13, 2010

ජවිපේ අවස්ථාවාදය සහ එජා සංවිධානයේ පැනල් එක

ඉංග්‍රීසි පත්තර වලට ලියන කට්ටියක් විමල් ට බැනපු එක ගැන අපේ ජේවීපී මල්ලිලාට පුදුම චූන් එකක් ගිහිල්ලා වගේ. මැතිවරන ගනනාවක් එක දිගට පැරදිලා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා කුජීත වෙලා හිටපු මේගොල්ලන්ට මෙකට සිහි නැතිවෙන ගානට ආතල්, අන්තිමට තමන්ට ජොලි මොකක් නිසාද කියලාවත් මේගොල්ලන්ට තේරුමක් නැහැ.

එජා මහලෙකම් කියනේ ජවිපේ මහලේකම් කම වගේ හිටගෙන බොරු කියන්න පුළුවන් වගකීමකින් තොර තනතුරක් නෙමෙයි. විමල් ගේ වැඩේට ප්‍රතිචාර දක්වන්න ගිහිල්ලා මහ ලේකම් ඇදගෙන නාගත්තා, තමන් කිසිම වගකීමක් නැති, කිසිම විශ්වාසයක් තැබිය නොහැකි රූකඩයක් බව ලෝකෙටම පෙන්නුවා.

විමල් ගේ උපවාසය යනකොට මහලේකම් මාධ්‍ය සාකච්චාවක් පවත්වලා තමන් වහාම ලංකාවේ UNDP කාර්යාලය ඉවත් කරගන්නා බව පැවසුවා. නමුත් මෙක අලි බොරුවක් බව ලකාවේ UN කට්ටිය කිව්වා මේ කෙහෙම්මල් කාර්යාලය ඉවත් කරන්න තීරනය කලේ 2009දී බව ඒ අය කියනවා. මහ ලේකම බොරු කිය කිය හෙලුවෙන් දගලන බව ලෝකෙටම පෙනුනා, මේක කොච්චර සීරියස්ද කියනවානම් නිව් යෝර්ක් UN කට්ටියම තවත් මාධ්‍ය සාකච්චාවක් කැදවලා මහලේකම් ගෙ ප්‍රකාශයෙන් සිදුවුනු අවමානය වහන්න තැත් කලා.

මේ සේරම විමල් ගේ වැඩ මිසක් විජිත හේරත් ගේ වැඩ නෙමෙයි.

මීට අමතරව විමල් උපවාසය නවත්වපු දා ඊට ටිකකට කලින් ආයෙත් මහලේකම් ප්‍රකාශයක් කලා මේ පැනල් එක පරීක්ෂන පවත්වනේ නැහැ නිකම් මට ඇඩ්වයිස් දෙනවා විතරයි කියලා. විමල් උපවාසය නැවත්වුවේ මෙ කතාවට පස්සෙයි.

නමුත් මේකෙන් මහ ලෙකම් ආයෙත් ලෝකෙට පෙන්නුවා තමන් කරන්නේ මොකක්ද කියලා තමන්ටත් හරි තෙරුමක් නැතිබව.

ඔය පැනල් එක පත් කලාට පසුදා ඒකෙ ලොක්කා , සරම උස්ස ගෙන කෑගැහුවා, " අඩෝ සේරම ඉන්වෙස්ටිගේට් කරනවා, බෙලි කපනවා කොටනවා කියලා". එතකොට මේ පැනල් එකේ ලොක්කා පාලනය කරන්න මහ ලේකම්ට බැරිද? ඌ කරන්නේ ඌට ඕන දේද මහ ලේකම්ට ඕන දේද? පැනල් එකේ ලොක්කා කියනවා ඉන්වෙස්ටිගේට් කරනවා කියලා, මහලේකම් කියනවා මොන බලු ඉන්වෙස්ටිගේසන් එකක්වත් කරන්නෑ කියලා. මෙතන් ඇත්ත කියන්නේ කවුද? එහෙනම් ඇත්තටම මෙ පැනල් එක කරන්නේ මොකක්ද? මේකෙන් කරන වැඩේ මහ ලේකම්වත් දන්නේ නැද්ද?

විමල් ගේ වැඩ නිසා ලොකෙටම හෙලිවුනා, මහලේකම් මේ ප්‍රශ්නයෙදී පුදුම විදිහට කලබල වෙන, පරස්පර විරෝධී, සමහරවිට අමූලික බොරු කියන, අවිශ්වාසවන්ත පුද්ගලයෙක් බව.

මේ නිසා මේ පැනල් එක ගැනත් මහලේකම් ගැනත් ලෝක ප්‍රජාවට (අධිරාජ්‍යවාදීන් හැරුනුකොට ) අබමල් රේනුවක හරි විශ්වාසයක් තිබ්බානම් ඒකත් නැතිවුනා.

විමල් ගේ මූලික අරමුන ඉටු නොවුනත්, පැනල් එකයි, මහලේකම් පිලිබදවයි ලෝක ප්‍රජාවගේ තිබුනු විශ්වාසය බිදීමෙන්, පැනල් එක අවලගු කාසියක් ගානට වැටුනා.

දැන් මට තවත් ප්‍රශ්නයක් තියෙනවා, විමල් UN එක ගාව බිම බුදිය ගත්තාම ජේවීපී කට්ටියටයි, ටයිකෝට් තානාපති ප්‍රජාවයි පොරකකා ඉස්සරහට ආවා ඒක වැරදියි කියන්න. නමුත් ඒකට ප්‍රතිචාර දක්වන්න ගිහිල්ලා මහ ලේකම් ගල් පැලෙන බොරු කිව්වාම, පරස්පර විරෝධී ප්‍රකාශ කලාම මේ කිසි කෙනෙක් නෙමෙයි හ්ම් කිව්වේ, ඇයි මහ ලේකම්ට විරුද්ධව මොනවත් කියන්න බයද? මේ අය්යලා හිතාගෙන ඉන්නේ මහලේකම් රහත් වෙලා කියලද? ටයිකොට් තානාපති ගොල්ලොනම් බය බව අපිට තෙරෙනවා උන්ට ඕන උන්ගේ බඩ ගෝස්තරේ, ඒත් ඇයි මේ ජේවීපී කට්ටිට්ය මහ ලේකම් වන්දනාවේ? මීට වඩා අසික්කිත තුප්පහි අවස්ථාවාදයක් තවත් තියනවාද?

ජේවීපී මල්ලිලා දැන් චූන් වේලා දැගලුවාට, මෙකේ දීර්ඝ කාලීන දේශපාලන වාසියත් විමල්ටයි ජනිපෙටයි, ඒක තෙරුම් ගන්න අමාරු නැහැ.

ජේවීපී මල්ලිලා කොළඹ කැම්පස් එකේ දොඹ ගහ යට වාඩිවෙලා සයන්ස් ෆැකල්ටි එකේ කොළඹ හයි ෆයි බඩුවල පස්ස පැති දිහා බල බල හූල්ලන වෙලාවේ ඕක හිතලා බැලුවානම් තේරුම්යයි.

3 comments: