Sri Lanka politics and commentary

UN- බලු පැනල් එක පිලිබද ලිපි

Thursday, December 24, 2009

යුද්ධය නිමවූ පසු අවි නැව් ගෙන්වීමට කීවේ ජෙනරාල්

ඇමැති අනුර ප්‍රියදර්ශන

රනිල් ධර්මසේන

යුද්ධය අවසන් වීමෙන් පසුව ඇමරිකානු ඩොලර් මිලියන 300 ක ආයුධ ගෙන ඒමට පසුගිය අගෝස්‌තු මාසයේදි එවකට හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ලි�ත ඉල්ලීමක්‌ කළ බව රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

ආයුධ ගෙන්වීම සඳහා සරත් ෆොන්සේකා මහතා සිය අත්සනින් යුතුව ඉල්ලා සිටි ලිපිය ඇමැතිවරයා ඊයේ (24 වැනිදා) පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍ය වෙත පෙන්වනු ලැබීය.

නමුත් විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා පසුගියදා ප්‍රකාශ කළේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා යුද්ධය අවසන් වීමෙන් පසුව ආයුධ ගෙන්වීමට කළ ඉල්ලීමක්‌ තමා ප්‍රතික්‍ෂේප කළ නිසා හමුදාපති ධුරයෙන් යන්නට සිදුවූ බව යෑයිද ඇමැතිවරයා සඳහන් කළේය. එය සම්පූර්ණයෙන් ම අසත්‍යයක්‌ බව දැන් තහවුරු වී ඇතැයිද කීය.

විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා කිසිදු විශ්වාසනීයභාවයක්‌ නැතැයිද එකම කාරණය අවස්‌ථා කීපයකදී වෙනස්‌ ආකාරයට ප්‍රකාශ කර ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

ඔහු රට පාවාදීමේ ‍ෙද්‍රාහියකු බවට දැන් පත්ව ඇති නිසා පරස්‌පර ප්‍රකාශ නිකුත් කරමින් යන බවද කියා සිටියේය.

මෙම ලියකියවිලි අවශ්‍ය වේලාවට බලා ගැනීමට රජය සතුව පවතින බවද ඇමැතිවරයා එහිදී පැවසීය.

No comments:

Post a Comment