Sri Lanka politics and commentary

UN- බලු පැනල් එක පිලිබද ලිපි

Wednesday, November 28, 2012

පිටසක්වල ජීවීන් පෘථිව්යට එන්නැත්තේ ඇයි?

පිටසක්වල ජීවීන් පෘථුවියට ඇවිත් තියනවා, දැනුත් එනවා කියන එක පට්ටපල් බොරුවක්, ලෝකේ ලොකුම බොරුව කියලත් කිව්වැහැකි, ඒත් ලංකාවේ NGO කාරයෝ කියන කතාවලට ඒ තැන තියලා මේ කතාව පට්ටපල් බොරුවක් බව ඉතාම පහසුවෙන් ඔප්පු කලෑකි.  

1.අපි විශ්වයේ කිසිම වැදගත් කමක් නැති සත්ව කොඨඨාශක් වීම. සුප්‍රසිද්ධ ඩ්‍රේක් සමීකරනයට (Drake equation) අනුව විශ්වයේ අන්තර ග්‍රහලෝක සන්නිවේදනය කලහැකි බුද්ධිමත් ජීවීන් ඉතාම සුලබයි, මේ අනුව අපිට වඩා වසර දස දහස් ගනන් මිලියන ගනන් පැරනි ශිෂ්ඨාචාර විශ්වයේ ඉතාම සුලබයි. මේ නිසා අන්තර් චක්‍රාවාට තරනය කලහැකි තාක්ෂනයක් තියන, පනු හිල් (Wormhole) සමග කටයුතු කරන ජීවීන්ට අපි කිසිම වැදගැම්මට නැති පහත් සත්ව කොඨ්ඨාශයක්.
උදාහරනයක් කියනවානම්, අපි අලි බලන්න යාල කැලේ ගියාම, ගැඩවිල් පනුවෙක්, හැකරැල්ලේක් දැක්කාම වාහනේ නවත්තලා ඌ දිහා බලා ඉන්නේ නැහැ, පාරවල් වලින් හරෝලා ගැඩවිල්ලු හොයාගෙන කීයටවත් යන්නේ නැහැ. අන්න ඒවගේ තමයි අන්තර් චක්‍රාවාට තරනය කල හැකි වසර මිලියන ගනන් ශිෂ්ඨාචාර ඇති ජීවීන්, උන්ට අපෙන් වැඩක් නැහැ. එහෙම ජීවී අන්තර් චක්‍රාවාට තර්නය කරන්න තාක්ෂනයක් හිමි ගවේෂකයන්ට අපේ ග්‍රහලෝකයට ආලෝක වර්ෂ මිලියන ගානකට ඒහා ඉදන් අපේ ග්‍රහලෝකය වැදගත්ද නැත්ද කියලා විශ්ලේෂනය කරලා බලන්න තාක්ෂනයන් තියේන්න ඕන ඒ ගොල්ලෝ මේ පැත්ත පලාතේ එන්නේ නැහැ.

2. චක්‍රාවාට හරහා ආලෝක වර්ෂ මිලියන ගන්න තරනය කල් හැකි ජිවීන් වැරදිලාවත් අපේලෝකෙට ආවොත් හැන්ගී හැන්ගී කැලේ කරක් ගහන්න හේතුවක් නැතිවීම
අපට වඩා වසර මිලියන ගනනකින් ඉදිරියෙන් ඉන්න ජීවීන් අපිට බය වෙන්නේ නැහැ ( අපි හොහපුටන්ට බය නැහැ වගේ) ඒ එකකම උන්ට අපිත් එක්ක සන්නිවේදනය කරන්න ඕනනම් (මොන මලදානෙකටද ? ) උන් මෙක්සිකෝ වල කැලේ හරි, යාල කැලේ හරි ඇමරිකාවේ හද්ද පිටිසර නූගත් ගොවියෝ ඉන්න පලාතකට හරි යන්නේ නැහැ, උන් කෙලින්ම උන්ගේ යානාව බාන්නේ ධවල මන්දිරේ ඉස්සරහා තියන රෝස උද්‍යානයට (Rose garden) , මොකද මේ ලෝකේ පාලනය කරන්නේ ( ලෝකේ ඉන්න සමහර අදබාලයෝ නොපිලිගත්තාට ) ඒකෙන් කියලා උන් දැනගන්නව.
හොද ජාතියක් නම් උන් කතාව ඉවරවෙලා යන්නේ ඒක සමතලාවෙන්න බෝම්බෙකුත් ගහලයි
 මෙන්න මේ සරල කරුනු නිසා පිටසක්වල ජීවීන් අපේ ලෝකෙට ආවා කියලා මම විශ්වාස කරන්නැහැ, මම කියන කරුනු වල වැරැද්දක් තියනවා නම් පෙන්නවලා දෙන්න, බොරු පිටසක්වල ජීවීන් මෙහි ආබවට සාක්ෂි ගූග්ල් කරකර හොයන්න කාලේ නාස්තිකරනවාට වඩා ඒක වැදගත් ව්‍යායාමයක් වෙයි.

 මේ කිසිම දෙකට වඩා, ඉමක් කොනක් නොපෙනෙන විශ්වයේ අපේ මානව සංහතියට ඇති අතිශය නොවැදගත් අංශුමාත්‍ර ප්‍රමානික ස්වභාවය මෙනෙහි කරමින්, මේ බවයේ අසුරු සැනක් වන් අපේ ජීවිතයේ අනියත බව ගැන පහන් සන්වේගයක් ඇති කරගන්න පුලුවන්නම් මේ සේරටම වඩා වැදගත් වෙයි.

No comments:

Post a Comment