Sri Lanka politics and commentary

UN- බලු පැනල් එක පිලිබද ලිපි

Wednesday, December 26, 2012

හලාල් සහතිකේ

හලාල් සහතිකයෙන් මුස්ලිම් ආගමික සංවිධන විශාල ලෙස ධනවත් වන බව ජාතික හෙල උරුමයේ ඔල්පේ සොභිත හිමි පවසා ඇත.
මේක හරිම වැරදි කතාවක්,  කසිකබල් ජාතිවාදියෝ උඩ පැන පැන නටනවා, අපේ ජාතිය නංවන්නනම් මේ වගේ අදහස්,  කබල් ජාතිවාදීන් එක්කනම් කවදාවත් බැහැ, මීට වඩා උපක්‍රම ශීලී ප්‍රායෝගික වැඩපිලිවෙලක් තියෙන්න ඕන.
ඔල්පේ සොභිත හිමි මම ඉතාම ගෞරව කරන යතිවරයෙක් නමුත් මෙතනන්නම් උන්වහන්සේ වැරදියි කියලා කියන්න වෙනනවා.

හලාල් සහතිකයේ මිල දරාගන්න වෙන්නේ වෙලෙන්දාට නෙමෙයි, නිෂ්පාදකයාට, කෑම නිෂ්පාදයෝ වැඩිපිරිසක් කියනවානම් හලාල් සහතිකය තමන්ට දරාගන්න බැරි මිලක් කියලා, හාමුදුරුවෝ ඒ සදහා සාක්ෂි පෙන්වා දෙන්න ඕන, ඊට පස්සේ සහතිකේ දෙන මුස්ලිම් පල්ලියේ උලමා ආයතනයෙන් ඉල්ලා සීටින්න පුලුවන් ඒ සහතිකෙ මිල අසාධාරනයි මිල අඩු කරන්න කියලා, උන් ඒක අහන්නේ නැත්තම්, රජය විසින් ඒ සහතිකේ දෙන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න හාමුදුරුවට පුලුවන්, මේකෙන් උලමා සංවිධානේ හලාල් සහතිකේ බල රහිතකරන්නත් පුලුවන්.

මේ සහතිකේ ආදායමෙන් උලමා සංවිධානේ මුස්ලිම් ආගම ප්‍රවර්ධනය කරන්න කටයුතු කරනවානම් ඒකේ ඇති නීති විරෝධීබව මොකක්ද? වැරැද්ද මොකක්ද? සිංහල බෞද්ධයා විනාශ කරන්න හදනවා කියන එක හරිම වියුක්ත ප්‍රකාශයක්, සිංහල බෞද්ධයා විනාශකරන්නේ කොහොමද? පන්සල් කඩලද, සිංහල බෞද්ධයට ගහලා හිරිහැරකරලද? එහෙම කරපු බවට සාක්ෂි තියනවද? එහෙනම් ඒසදහා රටේ සාමාන්‍ය නීති මගින් ක්‍රියාකරන්න හෙල උරුමය සංවිධානයට බැරි ඇයි? ඒ සදහා නීති ප්‍රමානවත් නැත්තම් පාර්ලිමේන්තුවට පනතක් ගෙන්න නිසි නීති තියන, ඊටපස්සේ ජනමාධ්‍ය හරහා රූපවාහිනිය හරහා ජනතාව ඒ පනත් ගැන දැනුවත් කරන්න, 2/3ක් නෙමෙයි 5/6ක් හම්බවෙයි ඡන්ද පනත සාධාරන නම්.

රට පුරා පන්සල් ගාව මුස්ලිම් පල්ලි ගහනවානම් ඒකේ ඇති වැරැද්ද මොකක්ද්? අනික පන්සල්ක් ගාව පල්ලියක් තිබ්බාම ඒකෙන් ශ්‍රී සද්ධර්මයේ  සත්‍යතාවයට අඩුවක් වෙනවද කැලැලක් වෙනවද?  මොනවද මේ කතා. ජිහාඩ් සංවිධානය වැනි අන්තවාදී හිංසාවාදි සංවිධාන පිහිටුවනවානම් ආයෙත් ඒවා තහනම් කරලා පනත් සම්මත කරගන්න, සාක්ෂි සහිතව ජනතාවට පෙන්නලා දෙන්න, ඔබවහන්සේලාට ලැබිලා තියන ව්‍යවස්ථාදායක බලය පාවිච්චි නොකර අනම් මනම් නන් දොඩවමින් යන්නේ ඇයි.

මෙහෙම පදනමක් නැති වියුක්ත අදහස් ප්‍රචාරය කිරීමේන් සිංහල බෞද්ධ ව්‍යාපාරය තවතවත් දුර්වල වෙනවා, ජනයා ඒ පිලිබදව කලකිරිලා එයින් ඈත්වෙනවා  ඒ නිසා මේ වගේ බරපතල චෝදනා, මේ වගේ වගකීමක් ඇති යතිවරයෙක් ප්‍රකාශකරන්න කලින්  හොදින් හිතලා මතලා සාක්ෂි සොයලා ඒ සදහා ප්‍රායෝගික වැඩපිලිවෙලකුත් එක්ක ඉදිරිපත් කලානම් තමයි හොද.

No comments:

Post a Comment