Sri Lanka politics and commentary

UN- බලු පැනල් එක පිලිබද ලිපි

Wednesday, March 4, 2009

රවී කරුනානායකගේ කිලිනොච්චි මැදවච්චි අපහාසය



2009 ජනවාරි 2 දින යුධ හමුදාවේ 57 සෙනාංකය කිලිනොච්චි නගරයට ඇතුල්විනි . 57 සෙනාංකයේ අනදෙන නිලධාරී ජෙනරල් ජගත් ඩයස් මහ දවල් කිලිනොච්චි නගර ම්ධ්‍යයේ ජාතික කොඩිය ඔසවන අයුරු රූපවාහිනියෙනුත් පසුව අන්තර්ජාලය හරහා ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයිනුත දැකබ්ලා ගත්හ. නමුත් ජනවාරි 4 දින පාර්ලිම්න්තුවෙ නැගීසිටි කොළඹ දිස්ත්‍රික් එජාප මන්ත්‍රී රවී කරුනානයක, හමුදාව කරන්නේ බොරුවක බවත්, කිලිනොච්චියට් කියා මැදවච්චියටත්, අලිමන්කඩ කියා පාමන්කඩට යන බවත් පැවසීය. මීට් පෙර හමුදාව නැගෙනහිර පලාතේ ප්‍රධාන කොටි කදවුරු තිබුනු තොප්පිගල ප්‍රදේශය අල්ලා ගත් පසු එ.ජා.ප. යේ නායක රනිල් විකමසිංහ මේ ජයග්‍රනය හෑල්ලුවට ලක් කරමින් තොප්පිගල යනු කැලයක් පමනක් බවත් එම ප්‍රදෙශය අල්ලාගැනීම විශේෂ ජයග්‍රහනයක් නොවන බවත් පැවසීය. මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල "ඕනෑ ගොනෙකුට යුධ්ධකල හැක" යයි පැවසීය.
පසුගිය සටන් විරාම සමයේ ප්‍රභාකරන් අබියස සාමය ඉල්ලා වැදවැටුනු මොවුහු, ප්‍රභාකරන් ගරිල්ලා යුද්දයේ අති දක්ශයෙක් බවත් කොටි සංවිදානය පැරදවිය නොහැකි බවත් මෙනිසා සාමය ලබාගත හැක්කේ ප්‍රභාකරන් ඉල්ලනදේ දීමෙන් පමනක් බවත් අපට පැවසීය. නමුත් අද ඒ "අනභිබවනීය" කොටි සංවිධානය වර්ග සැතපුම් කීපයකට සීමාවී ඇත, හමුදාව නිවට කොටිරැලට එලව එලවා පහර දෙයි අසමසම ගරිල්ලා නායකයා වූ ප්‍රභාකරන්ගේ සිවිල් වැසියන් බලහත්කාරයෙන් ඉදිරියට දමා සැගවී සිටී. සිවිල් වැසිය්න් නොවන්නට 58 සේනාංකයේ කාලතුවක්කු උන්ඩයක් ඔලුවට වැටී ප්‍රභාකරන් අවසන් ගමන් ගොස් බොහෝකල්ය.
හමුදා ජයග්‍රහන හමුවී තමන් ගේ බියගුළුකම්, නිවට්කම් හෙළිවී, තමන් ලංකාවෙ දේශපාලන කුනුකූඩයට විසිවෙන බව දැක මොවුහු හමුදා ජයග්‍රහන හෑල්ලුකිරීමටත්, ජීවිත පරිත්‍යාගයෙන් සටන් කල සෙබළුන්ට අපහාස කිරීමටත් පටන්ගෙන ඇත. තම වීරයන්ට ගරුනොකරන ජාතියක් වැඩිකල් නොපවතිනු ඇතැයි ඇමරිකාවේ ජනාධිපති ඒබ්රහම් ලින්කන් පවසා ඇත. (A nation that doesn’t honor its heroes will not long endure). ජීවිත පරිත්‍යාගයෙන් හා අසම සම කැපවීමෙන් සටන් වදින රනවිරුවන්ට අපහාස කිරීමට් එජාප යේ වැඩබැරි ටාසන්ලාට් ඉඩදිය නොහැක. හමුදා විරුවන්ගේ සාර්ථකත්වය කරුනානායක මහතාට හා එජාපය ට බොරුවක් වූවාටල ඈත ඇමරිකාවේ වොල් ස්ට්රීට් ජර්නල් පුවත් පත පවා හමුදා මෙහෙයුම් වල සාර්ථකතවය වර්නනාකර ඇත. මෙම මෙහෙයුම් වල දී හමුදා විරුවන් පෙන්වූ රන ශූරත්වය, කැපවීම හා නිර්භීතත්වය් හොලිවුඩ් චිත්‍රපට සිහිගන්වයි.
බස්නාහිර වෙරලේ මන්නාරමට උතුරින් වෙඩිතලතිව් හි කොටින්ගේ ප්‍රධානතම මුහුදු කොටි කදවුරක් පිහිටා තිබිනි. කොටින් තමිල්නාඩුව සමග සිදුකල සියළුම ජාවාරම්, බෙහෙත් ඩෙටනේටර් ඇතුලු විශාල සැප්යුම් ප්‍රමානයක් මෙම කදවුර හරහා සිදුකෙරිනි. 2008 වසරේ ජුලි මස බ්‍රිගේඩ්‍රියර් ෂවීන්ද්‍ර සිල්වා මෙහෙයවූ 58 වන සෙනාංකය මෙම කදවුර වැටලීය, විවෘර්ත භූමියක් වූ මේ ප්‍රදේශයේ සටන්, භූමිය අල්ලාගෙන සිටින්නාට වාසි සහගත වූ අතර, භූමිය හරහා ගමන්කරන හමුදාවනිට ඉතා දුෂ්කර විය. හමුදාවේ ඉදිරි ගමන වැලැක්වීමට කොටි වෙඩිතලතිව් කදවුර ආවරනය වන පරිදි වෙරලේ සිට කි.මී. 9 ක් දුරට පස් බැම්මක් ඉදිකරල ඒ අතරට බංකර් තනා මර උගුල් අතුරා තිබිනි. යුද හමුදා විශේෂ කාර්ය බලකායේ, සැර්යන් අසිත කුමාර, කෝප්‍රල් එන්. වී. වනසිංහ හා කෝප්‍රල් ඉන්දික කුමාර ගේ නායකත්වයෙන් සෙබළු හතර දෙනාගේ කන්ඩායම් තුනක් මෙම බංකර් අතරින රිංගා, කොටින්ගේ ආරක්ෂක වලල්ලේ දුර්වල තැන් හා බංකර් ගනනාවක් බිද දැමීමට සමත් විය. මෙම සෙබළුන් දොලොස් දෙනා පැය පහක් තිස්සේ 200කට අධික කොටි කන්ඩායමක් සමග සටන් කල බව රිවිර පුවත් පතේ ආරක්ෂක ප්‍රවෘති වාර්තාකරු තිස්ස රවින්ද්‍ර පෙරේරාත්, ලක්බිම නිවුස් පුවත් පතේ රංග ජයසූරියත් වාර්ථාකර තිබිනි. දරුනු ලෙස ඇවිලුනු මෙම සටනින් සැර්යන් අසිත කුමාරත් කෝප්‍රල් වනසිංහත් දිවි පිදීය, මොවුන් ගේ සහයට් යැවුනු වෙනත් කන්ඩායමක කෝප්‍රල් උපාලි ආරියරත්න විජේසේකරද දිවි පිදීය.
මෙම සටනින් දින කීපයකට පසු 2008 ජුලි 16 දින වෙඩිතලතිව් කදවුර සම්පූර්නයෙන්ම යටත් කරගැනීමට, හමුදාවේ 58 සේනාංකය සමත්විය. සැර්යන් අසිත කුමාර කෝප්‍රල් වනසිංහ හා කෝප්‍රල් උපාලි ආරියරත්න විජේසේකර ජීවිත පරිත්‍යාගයෙන් කල සටනින් දුර්වල වූ වෙඩිතලතිව් ආරක්ෂක බංකර් පෙල හැරදමා පසුබැසීමට කොටින්ට සිදුවිය.

රනිල් වික්‍රමසිංහ සටන් විරාමයෙන් ලද අවසරයෙන් සිය කදවුරු වටා ශක්තිමත් බැමි හා බංකර් ඉදිකරගෙන, කාලතුවක්කු හා මෝටාර් වැනි බර අවි වලින් ප්‍රබල ලෙස සන්නධ්ධවූහ. මේනිසා කොටි ප්‍රදේශ ආක්‍රමනය කිරීම ඉතා දුශ්කර විය. වරෙක ඔවුනට කොටින්ගේ කාලතුවක්කු හා මෝටාර් වෙඩි වරුසා මැද බොම්බ මර උගුල් ඇතිරූ බිම් හරහා බඩගා යන්නට සිදුවිය. තවත් වරෙක ඔවුනට කොටින්ගේ වෙඩිවරුසා මැද තමන් අසල සිටි සගයා මැරී වැටෙනු දැක දැක, විවෘර්ත භූමිය හරහා දිවගොස්, අඩි හත අටක් උස පස්බැමි උඩින් පැන සටන් කිරීමට සිදුවිය, මේ අතරට කොටින්ගේ විෂ වායු ප්‍රහාරද ඉවසාගන්නට සිදුවිය. මේ අතරට සොබාදහමෙන් පවා සෙබලුන්ට සහනයක් නොලැබිනි. පූනරින් ප්රදේශයේ ඇලක් තරනය කරන්නට යෑමේදී කිඹුලන් සෙබලුන් කිහිපදෙනෙක් ඩැහැගෙන ගිය බවක් වාර්ථාවිය පරන්තන් ප්රදේශයේ සටන් කරමින් සිටියදී ඇදහැලුනු මහ වැසි සැඩපහරද සෙබලුන් බිලිගත්හ.
නමුත් මේ වන්නි මෙහෙයුමට සහභාගීවූ සෑම සෙබලෙකුටම පාහේ මුහුනදීමට සිදුවුනු අත්දැකීම්ය. සමහරුන්ට මීටත්වඩා ගැහැට වලට මුහුනදීමට සිදුවිය. විෂේශ කාර්ය බලකායේ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ එවැන්නෙකි. 2008 නොවැම්බර් මසදී හමුදා ඉදිරි ආරක්ෂක වලල්ලෙන් කිලෝමීටර් 30කටත් එහා එවකට කොටි ග්‍රහන්යේ පැවති ඔඩ්ඩුසුඩාන් ප්රදේශයේ විෂෙශ ඉලක්කයක් සොයා ගොස් සිටියදී ඔහු කොටි වෙඩි පහරකට ලක් විය. පලවන ඉලක්කය සපුරාගෙන සට්නේදී ලද තුවාල වලට තාවකාලික ප්‍රතිකාර කරගෙන දෙවන ඉලක්කයක් හඹායද්දී කන්ඩායම් නායක ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ තවත් වෙඩි පහරකට ලක්විය, තවත් සෙබලෙකුටත් තුවාල සිදුවිය, තුවාල කරුවන් වැඩිවීම නිසා දෙවැනි ඉලක්කය කරා නොගොස් හමුදා පාලන ප්‍රදේශයට පසුබසිද්දී රනවිරු ලලිත් ජයසිංහ සදහටම දැයෙන් ස්මුගත්තේය. පලවන සටනෙන් ලද දරුනු තුවාලද නොතකා දෙවන ඉලක්කය හඹායෑමට තරම් ආත්ම විශ්වාසයක්, රට පිලිබද කැපවීමක් මෙම රන විරුවා තුල තිබිනි. දෙවනි සටනේදී ලද මාරාන්තික තුවාල වල වේදනාවෙන් සිය දෑස් නිලංකාර වේගෙන එද්දී ඔහුට තමන් රාජකාරිය නිමවා ගෙදර එනතුරු බලාසිටින සිය දයාබර බිරිද සිහිවෙන්නට ඇත, තව දුරටත් දෑස් අන්ධකාර වෙද්දී සිය බිරිදගේ කුසතුල සිටින සිය කුළුදුල් දරුවා සිහිවෙන්නට ඇත, තමන්ට කිසිදිනක ඔහුගේ මොලකැටි මුහුන සිපගන්නටවත්, කෙලිකවට සිනා දැකගන්නටවත් නොලැබෙනබව සිහි වන්නට ඇත.
ජීවිත පරදුවට තබා සටන්කර ආබාධිත වන හා මිය යන රනවිරුවන්ගී පවුල් වලට අපසලකනවා මදිය. ඔවුන්ගේ සුබසාධනය සදහා අප මීට වඩා සංවිධානාත්මකව මැදිහත්විය යුතුය. නමුත් ත්‍රිවිධ හමුදා වලට අපහාස කිරීමටත් ජිවිත පරිත්‍යාගයෙන් ඔවුන් ලබාගන්නා ජයග්‍රහන හෑල්ලු කිරීමටත් චන්ද්‍රිකා-මංගල ආන්ඩුවත් එ.ජා.ප. යත් එදා පටන්ම පෙල ගැසී සිටියහ. චන්ද්‍රිකා-මංගල ආන්ඩුවේ සුදුනෙලුම්-තවලම් වියාපෘතියේ ප්රධානියෙක්ව සිටි කොළඹ විශ්ව විදයාලයේ කතිකාචර්ය නිර්මාල් රංජිත් දේවසිරි TNL රූපවාහිනියේ පැවති විවාදයකදී ප්‍රකාශක්ලෙ අපේ හමුදාව "කුලී මිනීමරු හ්මුදාවක්" බවයි. අද එජාප නායක රනිල් වික්‍රමසිංහට මේජයග්‍රහන වල විශේෂත්වයක් නැත, කරුනානායකට මේවා බොරුවැඩය, කිරිඇල්ලට මේවා ගොන් වැඩය. අපේ හමුදාසෙබලුන් ගේ කැපකිරීම්, රන ශූරත්වය, විනය මොවුනට කිසිදු වටිනාකමක් නැත. වෙඩිතලතිව් කොටි කදවුරේ බංකර් අතරින් රිංගා ගොස් කොටි සියගනනක් සමග ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුනු සැර්යන් අසිත කුමාරගේ කන්ඩායමේ සෙබළුන් ගේ පරිත්යාගයන් මීටත් වඩා හෑල්ලුකල හැකිද?

නමුත් පුදුමයට කරුන නම් එජාප යේ සෙසු සාමාජිකත්වය තුලින්ද මෙම වගකීමකින් තොර වෛරී ප්‍රකාශ වලට විරොධයක් නැතිවීමයි.වෙනත් රටක යුද්ධයක් පවතින අවස්ථාවක, කිසිවෙකු හෝ හමුදාවන්ට නිග්‍රහ කරන ප්‍රකාශ කලේනම් ජනතාව එය ප්‍රබල ලෙස හෙලා දකිනු ඇත. 2006 වසරේ සිසුන් පිරිසක් අමතමින් සිටි 2004 වසරේ ඇමරිකාවේ ජානාධිපති අපේක්ෂක ජෝන් කෙරී පැවසුවෙ,"හොදින් ඉගෙන ගන්න,නැත්තම් ඔබට සිදුවන්නේ ඉරාකයේ සිරවීටයි". කෙරී ගේ මෙමප්‍රකාශය ඇමරිකාවෙ ජනතාව දැඩි ලෙස හෙලා දුටුවෙය, ඉරාකයේ සටන් වදින හමුදා සෙබළු අධ්‍යාපනයක් නොලැබූ නූගත් පිරිසක් ලෙස ඔවුන්ට කල අපහාසයක් බව ඇමරිකානු ජනයා පැවසීය. තම්න් ගේ ප්‍රකාශය පිලිබදව පසුව සමාව ඇයැද සිටි කෙරී පැවසුවේ සෙබළුන්ට අපහාස කිරීම තම අරමුන නොවුනු බවත් තමන්ට කියන්නට අවශ්‍ය වූයේ "සිසුන් සිය අධ්‍යාපනය සාර්ථකව නිම නොකලහොත් ඔවුන් ඔවුන් වගකීම් සහිත තනතුරු වලට පත්වූවිට් ඇමරිකාව අද ඉරාකයේ සිරවී ඇති ආකාරයේ වැර්දි තීරන ගතහැකි බවයි" තමන් ගේ උපහාසයේ ඉල්ක්කය වූයේ ජනාධිපති ජෝර්ජ් බුෂ් බවද ඔහු තවදුරටත් පැහැදිලි කලේය " නමුත් කලක් හමුදාසේවයේ නිරතව සිටි පුද්ගලයෙක් ලෙස ඔහු මීට වඩා සෙබළුන් පිලිබදව සංවේදී වියයුතු බව ඇමරිකානු ජනතාව පැවසීය. මේ සිදුවීමෙන් පසු ජෝන් කෙරීට ඇමරිකානු ජනතාව අතර තිබුනු පිලිගැනීම ගරාවැටීමට් පටන් ගැනිනි, ඔහුට සහයෝගය දක්වන ඩිමොක්‍රැටික් පක්ෂ්යේ පිරිස් පවා ඔහුගෙන් ඈත් වීය 2008 වසරේ නැවතත් ජනාධිපති ධූරයට තරග කිරීමේ අදහස පවා අත්හැර දැමීමට ජොන් කෙරීට සිදුවිය.
වෙනරටවල ජනතාව සිය හමුදා සෙබළුන් ගේ කැපකිරීම් වලට සලකන්නේ මෙසේය, යුද්ධයක් පවතින අවස්ථාවක සෙබළුන්ට අපහාසවන, ඔවුන් අධෛයර්යට් පත්කරන ප්‍රකාශ කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙති. ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ හා ඔහුගේ කන්ඩායමේ සෙබළු අටදෙනා හමුදා ඉදිරි ආර්ක්ෂක වලල්ලෙන් ඈත කොටිඅඩවියට රිංගා ගත්තේ ඔවුන් ගේ පුද්ගලික බූදලයක් රැක ගැනීමට නොව, අපේත්, අපගේ දරුමල්ලන්ගේත් ආරක්ෂාව සදහා ඔවුනට පැවරි රාජකාරිය ඉටුකිරීමටය, වෙඩිවැදී සිටියදීත් මෙහෙයුම අත්හැර නොදමමින් ඔහුකල කැපවීම විශිෂ්ඨය, වෙනත් රටවල නම් මෙවැනි වීරයන් පිලිබද පොත් ලියවේනු ඇත, ඇමරිකාවේනම් චිත්‍රපට පවා නිපදවෙනු ඇත. අප අපගේ විරුවන්ට ගරුනොකරනවා පමනක් නොව කබල් දේශපාලකයන්ට ඔවුනට අපහාස උපහාස කරන්නට දී බලාසිටිති.
පසුගිය රනිල් වික්රමසිංහ සටන් විරාම සමය තුල හමුදා සෙබළුන්ට අනේක්විධ ව්ධ හිංසා වලට මුහුන දීමට සිදුවිය. සෙබළුන්ගේ බංකර අසලට පැමිනෙන කොටි ඇදිවත උස්සා පෙන්නා පරුෂවචනයෙන් බැනවැදී අපහාස කරන්නට යෙදිනි. වරක සෙබළු ප්‍රවාහනය කරන හමුදා ට්‍රක් රථයක් මහා මාර්ගයේ නවත්වා තිබියදී ඒ අසලට පැමිනි කොටියෙක් සෙබළෙකුගේ අතක් කඩුවකින් කපාගෙන ගියබව පුවත් පත් වල වාර්ථාවිය. හමුදා සෙබළු සාමය සදහා මෙම සියළුම වධහිංසා ඉවසීය. එදා බලයේ සිටි රනිල් වික්රමසිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල රවී කරුනානායක හෝ එජාපයේ වෙන කිසිවෙකුවත් හමුදාවට සිදුවන වදහිංසා පිලිබදව කොටින්ට විරුධ්ධව කිසිම ප්‍රකාශයක් කලේනැත. අඩුම තරමින්, මෙවා විදගනිමින් සාමය ආරක්ෂාකරගැනීමට හමුදා සෙබළු දැක්වූ කැපවීම පිලිබදවවත් වචනයක් වත කතාකලේ නැත.

ජීවිත පරිත්‍යාගයෙන් හා කැපවීමෙන් සටන් වැදුනු හමුදා සෙබළු අද ප්‍රභාකරන් හා ඔහුගේ ම්ලේච්ච කොටි මුලතිවු මුහුදු තීරට සීමාකර ඇත, ප්‍රභාකරන්ට ඔහුගේ ගෙලවටා බැදි සයනයිඩ් කරල හැපීමට සිදුවන දිනය වැඩි ඈතක නැත, නැත්නම් ඉතා අමාරුවෙන් ගොඩනගාග්ත, කොටි ගුවන් බලකායේ ගුවන් යානා හා ගුවන් නියමුවන් මරාගෙන මැරෙන ප්‍රහාරවලට එවිය යුතුනැත. හමුදාවේ මෙම ජයග්‍රහන නිසා, මල්ටි බැර්ල් රොකට්, කාලතුවක්කු, මෝටාර් වැනි බර අවි භාවිතය අද ඉතාම අඩුවී ඇත. මේ නිසා මේම් ආයුධ වලට අවශ්‍ය උන්ඩ මිලදී ගැනීමට ආරක්ෂක වියදම් වලින් වෙන්කල විශාල මුදලක් ඉතිරිවනු ඇත. කොටින් ගේ ගුවන් බලකාය නිශ්ක්‍රිය වීම නිසා, ගුවන් ආර්ක්ෂක පද්දති ඉදිකිරීමටත් පවත්වාගෙන යාමටත් යෙදවිය යුතු මුදල්ද ඉතිරිකරගත හැක. මෙතෙක්කල් යාපනයට භාන්ඩ හ ජනයා ප්‍රවාහනය කල එකම ක්‍රම්ය වූ මිල අධික මුහුදු මාර්ගය වෙනුවට A9 පාර භාවිතා කිරීමට හැකිවනු ඇත. මෙවන විටත් භාන්ඩ තොගයක් A9 පාර ඔසෙස් යාපනයට යැවුනු බව පුවත් පත් වල වාර්ථාවිය. හමුදාව මුදාගත් ප්‍රදේශ වල සිවිල් පාලනය ඇතිකල පසු ඒ ප්‍රදේශවල ජනයා උඩ බලාගෙන සිටින්නේනැත. යුධ්ධය පටන් ගැනීමට පෙර කෘෂිකාර්මිකව ඉතා සෂ්‍රීකව තිබුනු මන්නාරම සහල් බදුන ප්‍රදේශයෙනුත්, කිලිනොච්චි දිස්ත්‍රික්කයෙනුත් රටේ වෙලද පොලට සහල් හා වෙනත් කෘෂිනිශ්පාදන ගලාගෙන එනු ඇත, මේ නිසා පරිභොජන භාන්ඩ මිල අඩුවී ජීවන වියදමද පහත වැටෙතැයි සිතිය හැක. කලක් රට පාලනය කල, වික්‍රමසිංහ, කරුනානායක කිරිඇල්ල වැන්නවුන්ට මෙකරුනු අපට වඩාහෙදින් වැටහිය යුතුය.
නමුත් ඔවුන්ට මෙම ජයග්‍රහන වල වටිනාකමක් නැත, ඔවුන්ට අනුව මෙවා ඕනෑම ගොනෙකුට කල හැකි බොරු වැඩය. යුද හමුදාවල සේවයේ නිරත සෙබළු පිටරටකින් පැමිනි කල්ලතෝනින් නොව්, ඔවුන් මේ රටේම ජනතාවගේ දරුවන්ය, රටේ ජනතාවගේ දරුවන් කරන කැපකිරීම් පිලිබද හැගීමක් නැත්තවුන්ට , එම කැපකිරීම් වලට පරිභව කරන්නවුන්ට රටේ ජනතාව පිලිබදවත රට පිලිබදවත් හැගීමක් ඇතිබව විශ්වාසකල නොහැක.

බස්නාහිර පලාතසභා ඡන්දයට එජාපයෙන්ද නාම යෝජනා බාරදී ඇත, රවි කරුනානයක ද මේ නාම යෝජනාකමිටුවේ ප්‍රධානියෙකි, අනෙකුත අපේක්ෂකයන්ද වටකරගෙන උජාරුවෙන් මැතිවරන කාර්යාලය වෙත යන කරුනානායක්ගේ ඡායාරූප පුවත්පත් වල දැකගත හැකිවිය. එජාප යේ මේ අපෙක්ෂකයන් අපේ ඡන්දය ඉල්ලන්නට අපේ ගෙවල් වලට එන්නට පටන් ගනු ඇත, රවී කරුනානායකගේ හමුදාවට අපහාසකරන පාමංකඩ-අලිමංකඩ කතා තමන් අනුමතකරන්නේද යනබව අප මේ සෑම අපේක්ෂකයෙකුගෙන්ම ඇසිය යුතුය , අපේ ඡන්දය ඔනෑ නම් කරුනානායක්ගේ කිරිඇල්ලගේ , වික්රමසිංහගේ වෛයිරී කතා ප්‍රසිද්ධ මාධ්ය ඔස්සේ හෙලාදකින ලෙස පැවසිය යුතුය. ඡන්දය ඉල්ලන්නට අපේ ගෙවල් වලට රවී කරුනානායක ආවොත ඔහුට රෙදි උස්සා පෙන්විය යුතුය

8 comments:

  1. කදිමැයි මිත්‍රයා කදිමැයි. දිගට ම ලියන්න. රට වෙනුවෙන් ලියන්න. අපි එනවා බලන්න.

    දොන් ජුවාන් වික්‍රමසිංහලාට දෙන සෑම ඡන්දයක් ඔවුන් රටත් රටේ හමුදාවත් ගැරහීමට අගයමින් දෙන ඡන්ද සේ සැලකීම මැනවි.

    ReplyDelete
  2. නියමයි දිගටම කරගන යන්න අප ඔබ පිටුපස ඉන්නවා

    ReplyDelete
  3. ඇත්ත අපේ රණවිරුවො රට වෙනුවෙන් කරන කැපවීම පෙනෙන්නටත් පින තියෙන්ට ඕනෑ නෙව! ලිපියනම් හරිම අගෙයි!

    ReplyDelete
  4. Keep up the great work. We shall never let our nation to forget the treachery of these anti Sri Lankan politicians. They shall not be given any chance to desecrate our war heroes' tombs.

    ReplyDelete
  5. Liyanna Putha Liyanna! Keep up the good work!

    Expose all the LTTE sakkili's in the South. Mudalata Thanna Manna walata rata pawadena hetta burruta okkoma gena katha karanna.

    All the best!

    ReplyDelete
  6. Well done mate.. Bang on the point!
    These politicians must be taught a lesson in elections! And I'm quite sure they will be taught one!

    ReplyDelete
  7. තවත් කොන්දක් ඇති ශ්‍රී ලාංකිකයෙක්. අපි ඔබ සමගයි.

    ReplyDelete