Sri Lanka politics and commentary

UN- බලු පැනල් එක පිලිබද ලිපි

Wednesday, March 18, 2009

විමල් වීරවංශ ජවිපෙන් නෙරපීමේ කුමන්ත්‍රනය.

( ඡායාරූපය 2008/03/16 දින දිවයින පුවත් පතේ පල විය )

2008 අප්‍රේල් 8 දින පාර්ලිමෙන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කල විමල් වීරවංශ පැවසූයේ තමන්ව ජවිපෙ පක්ෂයෙන් නෙරපීමට මධ්‍යම කාර්ක සභාව තීරනයක් ගෙන ඇතිබවයි. තමන්ද මෙය දැනගත්තේ අනියම් මාර්ගයකින් බව ඔහු පැවසීය. මංගල සමරවීර මහතාගේ vimasuma.com නම් වෙබ් අඩවිය මෙම කරුන හෙලිකර ඇතිබව ඔහු තවදුර්ටත් පැවසීය.
වීරවංශ මහතා ජවිපෙන් නෙරපීමට පෙර, ඉරුදින පුවත් පත ඔහුට මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියතකර තිබිනි. තමන්ට විරුධ්ධව නැගුනු මේ පුද්ගලික අවලාද වලට විරුධව නීතිමය පියවරක් ගැනීමට පවා මධ්‍යම කාරක ස්භාව ඉඩ නොදුන් බව ඔහු පැවසීය. පසුව පැවති ප්‍රවෘත්ති සාකච්චාවකදී මෙය සත්‍යක් බව ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ පිලිගත්තේය.
විමල් වීරවංශ මේ වනවිට ජාතික දේශපාලනයේ ප්‍රබල චරිතයක් වී තිබිනි, ලංකාවට පැමිනි අවසිථාවේ බිල් ක්ලින්ටන් ඔහු පිලිබදව විමසිලිමත් වූ බව වාර්ථාවිය, ඇමරිකානු තානාපති වරයාද නිතර නිතර ඔහු හමුවිය. ජපන් නියෝජිත යූෂි අකහාෂි ද ලංකාවට පැමිනි විට නොවැරදීම විමල් වීරවංශ හමුවිය. ඔහු මෙම බල සම්පන්න ස්ථානයෙන් ඉවතට ඇද දමා ජවිපෙ ජාතිකත්වයෙන් ඉවතට හැරවීමට එල්ටීටියට සම්බන්ධ දෙමල ජාතිවාදීනුත්, ජවිපේ මධ්‍යම කාරක ස්භාවේ මූලධර්ම වාදීනුත්, මංගල-එජාප හවුලත් උත්සාහදරන බවට මේදින වල විවිධ මත පලවිය. මේ තුන් කට්ටුව මෙම අරමුන සදහා එක්වී කටයුතු කලාද එසේත නැත්තම් වෙනවෙනම කටයුතුකලාදැය අපට පැහැදිලි නැත. නමුත් මේසදහා භාවිතා කල ප්‍රධානතම අවිය වූයේ ඉරුදින පුවත් පත හරහා වීරවංශට මඩ ගැසීමයි, ඉරුදින පුවත්පතේ පලවූ මෙම පුද්ගලික අවලාද වීරවංශ පක්ෂයෙන් ඉවත් කිරීමට හේතුවුනු ප්‍රධාන කාරනා බව මධ්‍යම කාරක සභික ලාල් කාන්තා පසුව පිලිගෙන තිබිනි.
මේ ඉරුදින පුවත් පත පසුගිය සතියේ නැවතත් කතාබහට ලක්විය. රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වයෙන් ඉවත්විය යුතුයැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශකරන රුක්මන් සේනානායකටත්, එස්. බී දිසානායකටත් ඉරුදින පුවත් පතින් මඩ ගැසීමට පටන් ගැනිනි. නමුත් මෙවුන් දෙදෙනාම වික්‍රමසිංහ මහතා හම්වී ප්‍රකාශකර සිටියේ මෙම මඩ ව්‍යාපාරය පිටුපස වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ හිතවාදීන් සිටින බව තමන් දන්නා බවත් වහාම මෙය නවතා නොදැමුවහොත් ඔවුන්ගේ නම් ගම් පවා හෙලිකරන බවත්ය. එස් බී දිසානායක මෙ සම්බන්දව මාධ්‍ය හමුවක් ද පැවත්වීය. සේනානායක මහතා සහ දිසානායක මහතා සිය විරෝධය ප්‍රකාශකලේ මාර්තු මස දෙවන සතියේදීය, මාර්තු මස තුන්වන සතියේ ඉරුදිනේ මේ කිසිවක සදහන් නොවනවා පමනක් නොව, පුවත්පත පලවූයේද ප්‍රමාදවීය. ඉරුදින පුවත්පත මෙහෙයවන්නේ රනිල් වික්‍රමසිංහ බව පැහැදිලිය, දිසානායක මහතාද මෙබව ඔහුගේ නිවසේ පැවති මාධ්‍ය හමුවෙදී ප්‍රකාශ කර තිබිනි.
විමල් වීරවංශට මඩ ගැසුවේද මෙම ඉරුදින පුවත් පතිනි, ජවිපෙ මධ්‍යම කාරක සභාව වීරවංශට විරුද්ධව ඉදිරිපත් කල චෝදනා පත්‍රයේද තිබුනේ මේ එජාපයේ පාලනයේ ඇති ඉරුදිනේ පලවූ පුද්ගලික අවලාදය. වීරවංශ මධ්‍යම කාරක සභාවෙන් නෙරපීම මුලින්ම හෙලිකලේ මංගල සමරවීරගේ වෙබ් අඩවියයි.
ඉරුදින හා වික්‍රමසිංහ අතර ඇති සෘජු සම්බන්ධය දැන් හෙලිවී ඇත. ඒ සමගම විමල වීරවංශ ජවිපෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රනය ද හෙලිවෙයි. ඊලාම් වාදීන මෙහිදීකල භූමිකාව පැහැදිලි නැත. වීරවංශ එලවීමට ජවිපෙ මධ්‍යම කාරක සභාවේ මූලධර්ම වාදීන්ට අවශ්‍යව තිබූ බව ඔහුගේ "නැත්ත වෙනුවට ඇත්ත" පොතෙන් හෙලිකර ඇත. වික්‍රමසිංහද ඔහු යටතේ ඇති ඉරුදින හරහා මඩ ව්‍යාපාරයක් දියත් කලේය, ඒවාට විරුධ්ධව වීරවංශ නඩුමගට බැසීම මධ්‍යම කාරක සභාව විසින් වැලකීය, නඩුමගට බැස්සානම් මඩ ව්‍යාපාරය හෙලිවී, ජවිපෙ-වික්‍රමසිංහ-ඊලාම්වාදී කුමන්ත්‍රනය හෙලිවීමේ අවදානමක් තිබිනි. එසේ වුවානම්, වීරවංශ නෙරපීම කෙසේවුවත්, ජවිපෙ මධ්‍යම කාරක සභාවේ මූලධර්ම වාදීන් පක්ෂයෙන්ද විසිවී, දේශපාලන කුනු කූඩයට වැටීමට ඉඩ තිබිනි.
විමල් වීරවංශ ජවිපෙ වෙනුවෙන් විශාල කැපවීමක් කල, පක්ෂයට හා සාමාජිකතිවයට දැඩි ලැදියාවක් ඇති පුද්ගලයෙකි, 89 භීෂනකාරී යුගයේ සිට 2005 ජවිපෙ ජයග්‍රහනය කරා පක්ෂය මෙහෙයවීමට විශාල කාර්ය භාරයක් ඉටුකෙරුවෙකි. එජාපය යනු ජවිපෙහි පරම හතුරාය, 89 භීෂනකාරී ජවිපෙ මර්ධනය මෙහෙයවූයේ එජාපයයි, බටලන්දේ වධකාගාර හරහා වික්‍රමසිංහ ඒ මර්ධනය සෘජුවම මෙහෙය වූ බවටද චෝදනා එල්ලවී ඇත.
එජාපය යනු, මනාප වලට පොරකන, බෝම්බ ගසාගන්නා, ආත්මාර්ථකාමී, දූෂිතයන් ගෙන් පිරි පක්ෂයක බව අපි දනිමු. ජවිපෙ යනු, තමන් සමග එකට අද බත්පත බෙදාගන්නා , එකට දුක් ගැහැට විදින සාමාජිකයන්ට විරුධ්ධව තම පරම හතුරා සමග කුමන්ත්‍රයකරන නරුම පක්ෂයක බව මෙයින් පැහැදිලිවේ

No comments:

Post a Comment