Sri Lanka politics and commentary

UN- බලු පැනල් එක පිලිබද ලිපි

Wednesday, March 3, 2010

Sarath Fonseka



හමුදා අත්අඩංගුවේ සිටින සරත් ෆොන්සේකා මහතා තමා සමග සිටි මිතුරන් සම්බන්ධයෙන් දැඩි කළකිරීමට පත්ව ඇතැයි දැනගන්නට ලැබී තිබේ. ජනාධිපතිවරණයේ දී ඔහු සමග සිටි ජවිපෙ අනුර දිසානායක හා ‘ම’ පාර්ශ්වයේ මංගල සමරවීර දෙදෙනා ෆොන්සේකා සම්බන්ධයෙන් අනුගමනය කරන ප‍්‍රතිපත්තිය මේ කළකිරීමට බෙහෙවින් හේතු වී තිබේ.

Lanka C news

ලැබුවේ අවවාද නොහොඹින ආරකය
දුදනන් නිසා විය හෙනහුරු මාරකය
මං පෙර ගියේ වරදින් පිරි පාරකය
ඒ ගිය මගේ අවසානය පෝරකය

සර්... මම ජනාධිපතිවරණයට තරග කරනවා. මට ආරාධනා ලැබුණ එක්‌සත් ජාතික පෙරමුණේ පොදු අපේක්‍ෂකයා වෙන්න. මම දැන් ඒ තීරණය අරගෙන ඉවරයි.

ප්‍රශ්නයක්‌ නැහැ ෆොනී මම ඔබට ඊට සුබ පතනවා. නමුත් මම මගේ අවංක හැඟීමක්‌ ඔබට කියන්න ඕන. මගේ හැඟීමේ හැටියට ඔබ මේ තීන්දුව ඔබේ ජීවිතයේ ගත්ත ඉතා වැරැදිම තීන්දුවක්‌. ඔබට කවද හරි දුක්‌වෙන්න සිදුවේවි මේ තීන්දුව ගැන. මොකද ඔබ මේ රටේ ලොකු දෙයක්‌ කළ උදාර රණවිරුවෙක්‌.

මේ ජනාධිපතිවරණය මම ජයගන්නවා. ඒක ඒකාන්තයි. ඔබ ඉන් ලබන පරාජයෙන් පසුව ඔබට ඔය අද ඔබ ළඟින් ඉන්න එක්‌කෙනෙක්‌වත් නැති වෙනවා. මේ අයට එල්ලෙන්න වැලේ වැල් නැතිවයි හිටියේ. කිසිම මාවතක්‌ නැතුවයි මොවුන් සිටියේ. අද ඔබ ඔවුන්ට එල්ලෙන්න ලොකු අත්තක්‌ දුන්නා. ඔවුන්ට යන්න මාවතක්‌ පෙන්නුවා. අන්න ඒ නිසයි ඔබව මෙතනදී ඔවුන් පාවිච්චි කරන්නේ. ඉදිරියේදී ලබන පරාජයෙන් පස්‌සේ ඔබට ඔය කවුරුවත් නැති වෙනවා. කමක්‌ නැහැ ඔබට මම ඉන්නවා. ඔවුන් ඔබව අතඇරියට පසු ආයෙත් මා ළඟට එන්න. මම ඔබව පිළිගන්නවා. අපි ආයෙත් එකතුවෙලා වැඩ කරමු.

ජනාධිපති මහින්ද ජෙනරාල් සරත් ෆේන්සේකාව වාහනය ළඟටම එනතුරු ඔහු පසෙකින් පැමිණ ඔහුගෙන් සමුගනිමින් අන්තිමට කීවේ එයයි.

Divaina 15/11/09



No comments:

Post a Comment