Sri Lanka politics and commentary

UN- බලු පැනල් එක පිලිබද ලිපි

Thursday, December 11, 2014

ශ්‍රීලංකා රජයේ දූෂිත පාලනය

    ඕනෑම බොරුවක් නොනවත්වා පුනරුච්චාරනය කිරීමෙන් ඇත්තක්යයි එතුගැන්විය හැක, විශේෂයෙන්ම දේශපාලනයේ මෙය සත්‍යකි, දෙමල ජනයාට දෙමල වීම නිසා සිදුවූවායැයි කියන අසාධාරනය මෙවැන්නකි. 2010 ජනාධිපතිවරන කාලයේත් දැනුත් අසන්නට ලැබෙන තවත් බොරුවක් ඇත, ඒ මේ ආන්ඩුව ඉතාම දූෂිත ආන්ඩුවක් බවය, 2010 වසරේ රජයේ ප්‍රධාන පවුලේ උදවිය සම්බන්ධව මේ බොරුව අසන්නට ලැබිනි, ප්‍රධාන පවුලේ උදවිය, හොටලයක් මිලදීගත්තා, රෝහලක් මිලදීගත්තා,  බව දිනපතාම අසන්නට ලැබිනි. ඉන්පසුව 2010 තරම් ප්‍රබලව නොවුනද වරින්වර "ආන්ඩුව දූෂිත යැයි" අසන්නට ලැබිනි, ආන්ඩුව ලෝකයේ තියෙන දූෂිතම ආන්ඩුව යැයිද, ඉතිහාසයේ කිසිම කලක මෙතරම් දූෂිත ආන්ඩුවක් තිබී නැතැයිද අසන්නට ලැබිනි, "ම්ලේච්ච දූෂනය" යන වචනයද දැන් අසන්නට ලැබෙයි.
       ආන්ඩුව දූෂිතයැයි පැවසීම, ආන්ඩුවට පතුරු යන්නට බැනීම, විරුද්ධ පාක්ෂිකයන්ගේ විලාසිතාවකි. ආන්ඩුවේ දූෂන ගැන සාධකඇතිව කතාකරන කිසිවෙක් නැත, ආන්ඩුවේ දූෂනය ගැන රූපවාහිනී විවාදවලදී කතාකරන්නට ඉදිරිපත්වන්නේ  විපක්ෂයේ දේශපාලන නවකයෝ පමනි, ඒ  කරුනු නැතිව දූෂන වංචාගැන කතාකරන්නට යාමෙන් ඇදගෙන නාගන්නට සිදුවන බව ඔවුන්ට අත්දැකීමක් නැති නිසාවෙනි. ආන්ඩුවේ දූෂනය ගැන මහප්‍රානයෙන් කතාකෙරෙන්නේ , තනිපුද්ගල සම්මුඛසාකච්චා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවුනු ප්‍රකාශ,  දේශපාලන රැලි වැනි ඒක පාර්ශ්වික අදහස් දැක්වීම්වල පමනි.
    රටේත් ආන්ඩුවේත් දූෂනයක් නැත්තේ නොවේ, නමුත් මේ දූෂනය ගැන අප කාටත වෙනස් අත්දැකීම ඇත, එකිනෙකාගේ පුද්ගලික අත්දැකීම සමස්තයවත් සත්‍යවත් නොවේ, අන්ධයන් රැලක් අලියාගේ හැටි කිව්කතාව සිංහල ජනප්‍රවාදයේ පුද්ගලික අද්දැකීම සත්‍යයෙන් වෙනස්වන ආකාරය විදහාදක්වන කතාවකි.
     රටක දූෂනයද මෙලෙස වාස්තවිකව මැනගත හැක, ඒ සදහා ක්‍රමවේදයක් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (Transparency international)  නම් අන්තර්ජාතික NGO වෙන් නිපදවාතිබේ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්  ආයතනය රාජපක්ෂ රජයට ඉතාම හතුරු ආයතනයකි, එකි ලංකාශාඛාවේ ප්‍රධානී ජේසී වැලිඅමුන, විරුද්ධ පක්ෂයේ ප්‍රධාන ක්‍රියාකරුවෙකි,  යුද්ධය කාලයේ LTTE මිනීමරු සංවිධායට ඉතාම පක්ෂපාතීව කටයුතු කලේය, මේ ගැන විමල් වීරවන්ශ මහතා පාර්ලිමෙන්තුවේ කල විශේෂප්‍රකාශ වල කරුනු ඇත.
      ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්  ආයතනයෙන් ලෝකයේ රටවල වසරක්පාසා  දූෂන අංකයක් ගනනය කරයි, (http://www.transparency.org/research/cpi/overview ) මේ සදහා ලංකාව මුලින්ම ඇතුල්වූයේ 2002 වසරේදීය, ඒ වසරේ ලංකාවේ දූෂන අංකය 3.7කි, මහින්දරාජපක්ෂ ජනාධිපතිපදවිය බාරගන්නා 2005 වසර ලංකාවේ දුෂන අංකය අඩුම වසරයි (3.1) ඉන්පසු ගෙවුනු වසර 9 තුල අතිවිශාල යුද්ධයක් සිදුවිය, නමුත් දූෂන අංකය විශාල ගරාවැටීමකට පත්වී නැත, ඊට පටහැනිව 2014 වනවිට දූෂන අංකය 3.8 දක්වා වර්ධනය වී ඇත, වෙනත් වචනවලින් කියන්නේනම් දූෂනය අඩුවී ඇත.




      මීලග ප්‍රශ්නය නම් මෙම දර්ශකයේ විශ්වසනීයත්වයයි, මෙය කරන්නේ රාජපක්ෂ රජයට විරුද්ධ  ආයතනයකිනි, මේනිසා ඔවුන්ගේ පාර්ශිකත්වය ගැන ප්‍රශ්නයක් නැත. නමුත් මෙම ක්‍රමය කොතරම් දුරට නිරවද්‍යද? ලිබියාව යනු දූෂිත රාජ්‍යකි, ගඩාෆි පාලන යුගයේ ගඩාෆිගේ පවුලත් ඔහුගේ වර්ෆලා ග්‍රෝත්‍රයත් රටේ සම්පත් පාලයනය කලේය, මේ නිසා මේ කාලයේත් ලිබියාවේ දූෂන අංකය ඉතාඅඩු අගයක් ගත්තේය, අනෙක් අතට ලිබියාව මිලිටරි පාලනයක් ඇතිරටකි, එවන් තත්වයක් මැදවුවද ගඩාෆි මිලිටරි පාලනයෙන් මිදී විශ්වසනීය දත්ත ලබාගැනීමේ හැකියාවක් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයට තිබිනි. 2010 අරාබි වසන්තයෙන් ගඩාෆි පාලනය පෙරලා දමා 2011 දී ගඩාෆි මරා දැමිනි, මින් පසු ග්‍රෝත්‍ර කීපයක නායකයින් බලය සදහා යුධවදින අන්ත අරාජික තත්වයක් උදාවිනි,  දූෂන දර්ශකය මේ තත්වය ඉතා හොදින් ග්‍රහනය කරගෙන ඇත. අරාබි වසන්තය සමග ලිබියාවේ ඇතිවුන අස්ථාවර තත්වයත්, ගඩාෆි පාලනයෙන් පසු අරාජික යුගයේ ඇති අන්ත දූෂිත තත්වයත් දූෂන අංකයේ ක්‍රමක්‍රමයෙන් සිදුවූ  බරපතල ගරාවැටීමකින් ඉතා පැහැදිලිව පෙන්නුම් කර ඇත
        කලාපයේ අනෙකුත් රටවල් සමග සංසංදනය කිරීමෙන් ලංකාවේ විරුද්ධ පාක්ෂිකයන් කියන මේ මහා දූෂනය බලා ගත්හැක, බංග්ලාදේශය, නේපාලය  පමනක් නොව විශාල ආර්ථික වර්ධනයක් ඇති චීනයේ පවා දූෂන අංකය ලංකාවට වඩා අඩු අගයක් ගනී. පාඨකයන්ගේ පහසුව සදහා ඉන්දියාවේ සහ ලංකාවේ දූෂන අංකය 2002 සිට කාලානුරූපව වෙනස්වූ ආකාරය වගු ගත්කර ඇත
 ලංකාවේ රාජපක්ෂ පාලනකාලයේ ඇතිවූ මහා දූෂනය පාඨකයාට පැහැදිලිව දැකගත හැක.  පාඨකයාට එය පැහැදිලිව පෙනෙනේයැයි සිතමි!
මටත් පෙනෙන්නේ නැත!

ලංකාවේ පසුගිය කාලයේ වර්ධනය වූ ම්ලේච්ච දූෂනය  පොදුවිපක්ෂයේ කළුකෙබරයක් පමනි.

1 comment: