Sri Lanka politics and commentary

UN- බලු පැනල් එක පිලිබද ලිපි

Thursday, July 30, 2009

නැවත පදිංචි කිරීම කඩිනම් කළ හැකිද?

09/07/28 දිවයින

අවතැන් වූවන් උතුරෙහි නැවත පදිංචි කිරීම කෙරෙහි එක්‌සත් ජාතීන්ගේ සංවිධානයත්, යුරෝපා රටවලුත්, දමිල ඩයස්‌පෝරාව ඉතාමත් උත්සුක වන බව මේ ඔවුන් කරන ප්‍රකාශ වලින් හෙළි වෙයි. රජයේ වැඩපිළිවෙළ අනුව දින 180 කින් අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වෙයි. තිස්‌ අවුරුදු යුද්ධයකට පසුව අවතැන් වී සිටින 250,000 කට අධික ජනගහණයක්‌ කෙසේ නම් මෙතරම් කඩිනමින් නැවත පදිංචි කළ හැකිද? මා මෙහිදී සරලව පෙන්වා දීමට උත්සාහ කරන්නේ නැවත පදිංචි කිරීමට පුරෝගාමීව සිදු කරන්නට ඇති විවිධ කර්තව්‍යයන් හා ඒවායේ බැරුරෑම් ස්‌වභාවයත්, ඒවා සිදු නොකොට නැවත පදිංචි කිරීම ඉතාමත් අසතුටුදායක අවිධිමත් ප්‍රතිඵල වලින් ගහණ අසංවිධානාත්මක වැඩපිළිවෙළක්‌ වන බවත්ය.

නැවත පදිංචි කිරීම පිළිබඳව කටයුතු කිරීම උදෙසා විශේෂිත දක්‌ෂතා වලින් හෙබි කමිටුවක්‌ රජය මගින් පත්කොට ඇති බව පුවත්පත්වල පළවිණ. එම කමිටුව මගින් දැනටමත් නැවත පදිංචි කිරීම පිළිබඳව ක්‍රියාකාරි සැලස්‌මක්‌ Aජඑසදබ ඡක්‌බ හා ක්‍රමෝපායන් සැලැස්‌මක්‌ සම්පාදනය කොට ඇතැයි සිතමි. අදාළ ජන විකාශන සැලසුම් දිස්‌ත්‍රික්‌ක, ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස ආශ්‍රිත ජනාවාස හා නගර සැලසුම් ජල පාලන වාර්මාර්ග හා ගොවි කටයුතු හා ආර්ථික කටයුතු පිළිබඳ සැලසුම්, විදුලි බලශක්‌තිය හා වාරිමාර්ග, මහාමාර්ග සැලසුම්, භූගත ජලය පිළිබඳ සොයා බැලීම් සහ නොයෙකුත් යටිතල පහසුකම් පිළිබඳ සැලසුම් ආදි විවිධ අංශ පිළිබඳව ක්‍රියාකාරි සැලැස්‌මෙහි විස්‌තර කොට ඇතැයිද ඒ ආශ්‍රිත ක්‍රමෝපායන සැලසුම් නිර්මාණය කෙරමින් ඇතැයිද විශ්වාස කරමි.

අප මෙහිදී අවධාරණය කළ යුතු කරුණක්‌ වන්නේ මෙම අවතැන්වූ ජනගහණය ඉඩමක්‌ කඩමක්‌ නැතිව, රටත් නැතිව විතැන් වූ ජනගහණයක්‌ නොවන බවය. ඔවුන්ට හිමි ගමක්‌ නගරයක්‌ ඉඩමක්‌ තිබිණ. ඒවා යුද්ධය නිසා විනාශයට පත්ව තිබේ. එම තත්ත්වය එසේ තිබියදී සෘජුවම ඔවුන් නැවත එම ගම් බිම්වලට පිටත් කොට යෑවිය නොහැක. මෙය කැලෑවකින් මුදාගත් වදුරු රෑනක්‌ තවත් කැලෑවකට දිගෙලි කිරීම වැනි කාර්යයක්‌ නොවේ.

මෙම අවතැන් වූ ජනගහණය කවුරුන්ද ඔවුන් සමන්විත වී ඇත්තේ කෙසේද? ඔවුන් කිනම් ප්‍රදේශවල පදිංචි වී සිටි අයද, ඔවුන්ගේ ජන සංයුතිය කෙසේ සකස්‌ වී ඇද්ද යනාදි ජන විකාශන විද්‍යාත්මක කරුණු පළමුවෙන්ම සොයා බැලිය යුතුය. එම දත්ත පාදක කොටගෙන අවතැන් වූවත් පිළිබඳ දත්ත ගොනුවක්‌ නිර්මාණය කරගත යුතුය. මෙය දැනටම කෙරි ඇතැයි ද විශ්වාස කරමි. මේ දත්ත ගොනුව ආශ්‍රයෙන් ක්‍රියාකාරි සැලැස්‌මෙහි අඩංගු විය යුතු බොහෝ කරුණු ලබාගත හැකිය.

සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපන පහසුකම්, රැකී රක්‌ෂා, ආර්ථික කටයුකු, ආයතනික පහසුකම් යනාදිය කුමන ආකාරයකින් සැලසුම් කළ යුතුද යන්න පිළිබඳව දත්ත මූලික තොරතුරු මෙයින් ලැබේ. මෙම දත්ත සිතියම් ආශ්‍රයෙන් විග්‍රහ කරන විට කුමන දිස්‌ත්‍රික්‌කවල කුමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල කුමන ගම්දනව්වල ජනතාව වැඩි වශයෙන් අවතැන්වී ඇද්දයි නිගමනය කළ හැකිය. විතැවූ පවුල්වල සාමාජිකයන් යළිත් එක්‌කිරීම පිළිබඳ කර්තව්‍යය දැනටමත් හමාර කොට ඇතැයි වාර්තා වේ. වයෝවෘද්ධ සාමාජිකයන් ඔවුන්ගේ ඥාති පවුල්වලට භාරදීමේ වැඩපිළිවෙළක්‌ ද පවතින බව කියෑවේ. මෙම ජනගහණයේ දැනට ජීවත්වන රෝගී හෝ අංගවිකල වූ හෝ මියගිය හෝ වශයෙන් වන විස්‌තර ද ස්‌ත්‍රී පුරුෂ ළමා වැඩිහිටි යනාදි පුමුතිරිභාවය හා වයස්‌ ව්‍යqහ පිළිබඳ දත්තද මේ නයින් ලබාගෙන ඇතැයි සිතමි.

නැවත එම මුල් ගම්වලම පදිංචි වීමට ඇති කැමැත්තද විමසා බැලිය යුතුයි. සමහරු එසේ යළි පදිංචි වෙනවාට වඩා පිටරට හෝ වෙනත් තැනක සිටින නැදෑයින් සමග සිටීමට කැමැති වනු ඇත. එහෙත් මේ පිළිබඳව රජයේ ප්‍රතිපත්තියක්‌ තිබිය යුතුය.

මෙම දත්ත විග්‍රහ කිරීම හා සිතියම් ගත කිරීම මගින් ප්‍රමුඛතා පිළිවෙළක්‌ සකසා ගත හැකිය. මෙබඳු විග්‍රහයක්‌ ක්‍රියාකාරි සැලැස්‌ම කෙරෙහි මහෝපකාරි වේ. මේ කර්තව්‍යය ප්‍රධාන වශයෙන්ම ජන විකාශන විද්‍යාව ආශ්‍රිත කර්තව්‍යයන් වන හෙයින් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් සිදුවිය යුතු ක්‍රියාවකි. එම දත්ත පාදක කොට ගෙන ක්‍රියාකාරි සැලැස්‌ම නිර්මාණයට අඩිතාලම යොදා ගැනීම සැලසුම් නිර්මාණකරුවන්ගේ වගකීමය. මෙබඳු නැවත පදිංචි කිරීම පිළිබඳ සැලැස්‌මක්‌ නිර්මාණය කිරීම සඳහා විවිධ විශේෂඥතාවයන්ගෙන් හෙබි බහුවිධ විෂයකෘත කමිටුවක්‌ අවශ්‍යය. ඉංජිනේරුවන්, වෛද්‍යවරුන් මෙන්ම ජනවිකාශන විද්‍යාඥයන් ආර්ථික විද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන්, ජල කළමනාකරුවන්, භූ විද්‍යාඥයන්, නගර හා ග්‍රාම සැලසුම් විශේෂඥයන්, කෘෂි විද්‍යාඥයන් හා දේශපාලන පරිපාලන හා හමුදාමය වගකීම් දරන්නන් යනාදි විවිධ අය මෙයට මැදිහත් විය යුතුය.

ජන විකාශන විග්‍රහයෙන් ලැබෙන තොරතුරුවලින් ඒඒ දිස්‌ත්‍රික්‌කවල අවතැන් වූවන් පිළිබඳ දත්ත ලැබෙන හෙයින් නැවත පදිංචි කිරීමේ කර්තව්‍යය කුමන ප්‍රදේශවල කුමන සීඝ්‍රතාවයකින් කළ යුතු දැයි ටවහා ගැනීමට අවශ්‍ය පාදක දත්ත සිතියම් සහිතව සැපයේ. මෙම දත්ත අනුව භූමිය ආශ්‍රිත මීළඟට සිදු කළ යුතු අනෙකුත් ක්‍රියාකාරකම් පෙළ ගැස්‌වීම කළ හැකිය.

ප්‍රමුඛතා දිය යුත්තේ කුමන දිස්‌ත්‍රික්‌කවල කුමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවලටද ගම්වලටදැයි මේ අනුව වටහා ගත හැකිය. මෙම ප්‍රමුඛතා ගත කිරීම අනුව අධික ජනගහනයක්‌ අවතැන් වූ ප්‍රදේශ කෙරෙහි මුලින් අවධානය යොමු කොට පිළිවෙළින් ඊළඟ පියවරවල් කෙරෙහි යොමු විය හැකිය.

බිම් බෝම්බ හා මර උගුල් ඉවත් කිරීම භූමිය ආශ්‍රිත ක්‍රියාකාරකම් වලින් මුලින්ම සිදු කළ යුතු ක්‍රියාවක්‌ වෙන හෙයින් කුමන ප්‍රදේශ (දිස්‌ත්‍රික්‌ක/ප්‍රදේශීය ලේකම් කොට්‌ඨාස ආදී) වල මුලින් කළ යුතු දැයි මේ ප්‍රමුඛතා අනුව තීරණය කළ හැකිය.

බ්ම් බෝම්බ ආදිය ඉවත් කර භූමිය එබදු අවදානම් වලින් තොර යයි ප්‍රකාශ කළ විට ඊළඟට කළ යුතු වන්නේ එම ප්‍රදේශවල සිවිල් පරිපාලනය තහවුරු කිරීමයි. එවිට සිවිල් පරිපාලනයේ මෙහෙයවීමෙන් එම ප්‍රදේශවල නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය සිවිල් පහසුකම් යලි ගොඩ නැගීම සිදු විය යුතුයි. සිවිල් පරිපාලන ව්‍යqහය පිහිටුවීම හා ශක්‌තිමත් කිරීම, පුරප්පාඩු පිරවීම කාර්යාලය පහසුකම් සැපයීම වහාම මීළඟට සිදුවිය යුතුයි. මෙහිදී දිසාපතිවරු, උප දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු ආදි වශයෙන් පරිපාලන ව්‍යqහය හා ආශ්‍රිත රේ‚ය අමාත්‍යාංශ ජාලය ස්‌ථාපනය කොට ක්‍රියාත්මක කළ යුතුයි. මෙම පරිපාලන ව්‍යqහය හැකි ඉක්‌මනින්ම ස්‌ථාපනය කොට ශක්‌තිමත් කිරීම තුළින් නැවත පදිංචි කිරීමේ වැඩසටහන වඩා කාර්යක්‌ෂමව හා ක්‍රමවත්ව කළ හැකි වෙයි.

සිවිල් පරිපාලනයෙහි කොටසක්‌ ලෙස සිවිල් ආරක්‌ෂාව තහවුරු කළ යුතුය. ඒ සඳහා පොලිසි, හා සිවිල් ආරක්‌ෂක සේවා ඒ ප්‍රදේශවල පිහිට විය යුතුයි. අවතැන් වූවන් ප්‍රධාන වශයෙන් දමිල කතාකරන ජනතාවක්‌ වන බැවින් ඒ භාෂා කතා කළ හැකි නිලධාරීන් සිවිල් පරිපාලනයේ මෙන්ම ආරක්‌ෂක සේවයේද යෙදවීම අත්‍යාවශ්‍ය කරුණක්‌ වෙයි.

සිවිල් පරිපාලන ව්‍යqහය ස්‌ථාපිත කිරීම කල්ගත වන කරුණක්‌ නම් එතෙක්‌ ඒ ඒ දිස්‌ත්‍රික්‌ක සඳහා පරිපාලන කමිටු පිහිටුවිය යුතු අතර පරිපාලන ව්‍යqහය ස්‌ථාපිත කිරීම පිණිස පෙරමග ගත යුතු අය විය යුතුය.

මේ හා සමගම, සමගාමීව සිදුවිය යුතු අනෙකුත් කරුණු අතර, ප්‍රවාහනය, බලශක්‌තිය, ජල පහසුකම්, සෞඛ්‍ය පහසුකම් ප්‍රතිෂ්ඨාපනය කිරීම වැදගත් වෙයි. මේ සඳහා සිවිල් පරිපාලනය ස්‌ථාපිත කිරීම මගින් අනුපමේය පිටුබලයක්‌ ලැබෙයි. මෙම යටිතල පහසුකම් සැපයීමේදී නගර හා ග්‍රාම සැලසුම් අංශය වැනි අංශවල දායකත්වය අත්‍යාවශ්‍ය වෙයි. කල්පවතින, නවීන පහසුකම් සහිත මංමාවත්, පාසල්, සෞඛ්‍ය මධ්‍යස්‌ථාන ඉස්‌පිරිතාල යනාදිය පිහිටුවීම දිගු කාලීන වැඩපිළිවෙළක කොටසක්‌ විය යුතුය. මෙම යටිතල පහසුකම් හොඳින් ස්‌ථාපනය කළ යුතු අතර, එය දිගුකාලීන ක්‍රියාවක්‌ වන බැවින් ඒ පිළිබඳව කටයුතු කිරීමට ප්‍රථම තාවකාලික වැඩපිළිවෙළ සකස්‌ කළ යුතුයි. පළමුව මැටි පාරවල්(ඵඹD RධAD) වැනි තාවකාලික පාරවල්ද සම්බන්ධීකරණ පාරවල්ද ගොඩ නගා ගැනීම ඉක්‌මනින් කළ හැකිය. අනෙකුත් පහසුකම්ද එනම් පාසල් ඉස්‌පිරිතාල ආදිය තාවකාලික ගොඩනැඟිලිවල මුලින් පටන් ගතහැකිය.

යළි පදිංචිවීම එම ගම්වල සිදු කෙරෙන්නේ නම් සමාජ ව්‍යqහය, කුල ක්‍රමය ආදිය ගැන යළිත් සොයා බැලීමක්‌ අවශ්‍ය නූවුවද අලුතින් ගම්මාන පිහිටුවන්නේ නම් එබදු ජනතාව ගොනු වන සමාජ සංස්‌ථා පිළිබඳවද සලකා බැලිය යුතුයි. යටිතල පහසුකම් පිළිබඳව සලකා බලන කල ආගමික හා සංස්‌කෘතික වශයෙන් වැදගත් ස්‌ථාන හඳුනාගෙන පුනරුත්ථාපනය කිරීමද වැදගත් වේ.

ඒ ඒ පුද්ගලයන්ට අයත් ඉඩම් හඳුනාගැනීම හා අවශ්‍යනම් මැන බලා වෙන්කරදීම, අයිතිය තහවුරු කිරීම කළ යුතු වේ. ඔප්පු හෝ එබඳු ලියකියවිලි ඇත්දැයි පරීක්‌ෂා කොට ඒවාට ගරු කරමින් මෙම ක්‍රියාවලිය සිදුවිය යුතුය. එසේ නීත්‍යානුකූල අයිතිය නොමැති, එහෙත් කාලයක්‌ පදිංචිව සිටි බව තහවුරු වන අවස්‌ථාවලදී එම ඉඩම් ඒ අයටම ලබාදීම කළ යුතුය.

භූමියෙහි පදිංචි කිරීමට පෙර එම ඉඩම්වල ඇති ළිං ජලය හා පහසුකම් පරීක්‍ෂා කොට බීමට සුදුසු ජලය ඇත්දැයි සෙවීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු කරුණකි. මෙම ප්‍රදේශයේ සෑහෙන කාලයක්‌ යුද්ධය පැවැති බැවින් ජල දූෂණය සිදුවීමට ඇති ඉඩකඩ වැඩිය. භූගත ජලය බීමට සුදුසු නොවන්නේ නම් ඒ පිළිබඳ විකල්ප ක්‍රමද යෙදීමට සිදු වෙයි.

නීතිමය හා ප්‍රතිපත්තිමය පැත්ත පිළිබඳව ද අවධානය යොමු කිරීම වැදගත්ය. මෙම නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය අනුව විතැන් වූ පවුල් යළිs ඔවුන්ගේ ගම්බිම්වල හෝ ඔවුන් කැමැති ප්‍රදේශයක පදිංචි කිරීම සිදු වුවද, ශ්‍රී ලංකාවෙහි මෙබඳු ක්‍රියාවලියක්‌ කෙරෙන පළමු අවස්‌ථාවය.

මෙය ස්‌වකීය උත්සාහයෙන් පදිංචි වීමේ ක්‍රියාවලියක්‌ නොවේ. මෙය රජය මගින් කරනු ලබන ක්‍රියාවලියක්‌ වුවත් මෙය ජනතාවගේ කැමැත්ත උඩ සිදු කරනු ලබන ක්‍රියාවක්‌ වෙයි. මෙය අලුත් වැඩපිළිවෙළකි. එබැවින් ඊට අවශ්‍ය නීතිමය හා ප්‍රතිපත්තිමය රාමුව නිර්මාණය කිරීම වැදගත් ය. දැනට පවතින තත්ත්වයන් යටතේ ජාත්‍යන්තරය මේ දෙස ඇස්‌ දල්වා බලා සිටින බැවින්, කිසිවකුටත් ප්‍රශ්න කළ නොහැකි වන ලෙස නීතිමය හා ප්‍රතිපත්තිමය රාමුවක්‌ තුළ සිට මෙම යළි පදිංචි කිරීම සිදු කිරීම අත්‍යාවශ්‍යයි.

ඉහත කී කර්තව්‍යයන් පිළිවෙළට, යථාර්ථවාදී ලෙස රජය විසින් සකස්‌ කරනු ලබන ක්‍රියාකාරී සැලැස්‌මෙහි විස්‌තර විය යුතුය. ඒ ඒ කර්තව්‍යයේ ස්‌වභාවය ශීඝ්‍රතාව, ප්‍රමාණය, වියදම, කාල රාමුව ආදිය මෙන්ම ඒ ඒ කාර්යයෙන් බලාපොරොත්තු වන්නේ කුමක්‌ද යන්නත්, ඒවායින් අවතැන් වූ ජනයාට ලැබෙන යහපතත් විස්‌තර විය යුතුය.

එබඳු, විස්‌තර සහිත ක්‍රියාකාරී සැලැස්‌මක්‌ ඇති විට එය ප්‍රසිද්ධ කළ පසුව, ආධාර දෙන රටවල්වලට, ආයතනවලට තමන් කුමන කාර්යයක්‌ සඳහා ආධාර දෙන්නේ දැයි ප්‍රකාශ කළ හැකිවන අතර, ඒ නිසාම එම මුදල් වියදම් වන ආකාරය පිළිබඳව පසු විපරම් කිරීමට හා ඇගයීමට රජයට හැකිවන්නේ ය. මේ නයින් විදේශීය ආයතන විසින් තම හිතුමතයේ මැදිහත් වී වියදම් කිරීමේ ක්‍රමය පාලනය කිරීමේ හැකියාවක්‌ රජයට ලැබේ.

තාවකාලිකව පිහිටුවනු ලබන දිස්‌ත්‍රික්‌ ප්‍රාදේශීය ලේකම් කමිටු හරහා ඉහත කී මූලික කටයුතු එනම් භූමිය හඳුනා ගැනීම, ආරක්‍ෂාව ස්‌ථාපනය කිරීම හා මූලික යටිතල පහසුකම් සැපයීමේ ක්‍රියාවලියන් සම්පූර්ණ වූ විට, ජනතාව ක්‍රමයෙන් ඒ අයගේ ගම්බිම්වලට පදිංචිය සඳහා යොමු කළ හැකිය. මෙයට පසුබිම් වශයෙන් දැනට තිබෙන ගොඩනැඟිලි, ගෙවල්, පාරවල් ආදිය පිළිබඳවද එකතුව කරන ලද තොරතුරු අනුව නිවාස අලුත්වැඩියාව හෝ අලුතින් හැදීම පිළිබඳව යන වියහියදම් ගැනද ඇස්‌තමේන්තු කළ හැකිය. සමහර විට බොහෝ පවුල් තම නෑදෑයින්ගේ හා තමන්ගේ වත්කමින්ම මෙම නිවාස අලුත්වැඩියා කොට පදිංචි වීමට කැමැත්තක්‌ දැක්‌වීමට පුළුවන. කෙසේ වෙතත්, එම ජනතාවට ඔවුන්ගේ ඉඩම්වලට යාමට අවස්‌ථාව ඉක්‌මණින් ලබාදීමෙන් මෙම නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය ඉක්‌මන් වන බව පැවසිය යුතුය. එහෙත් ඒ සඳහා ඉහත කී මූලික කරුණු තාවකාලිකව හෝ ස්‌ථාපනය කිරීම වැදගත් ය.

මෙසේ ජනතාව තාවකාලික නිවාසවල හෝ පදිංචි කළ පසුව, අනෙකුත් යටිතල පහසුකම් සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය ශ්‍රම බලකාය නිතැතින්ම නිර්මාණය වෙයි. ස්‌ථිර නිවාස, ගොඩනැගිලි, පාරවල් ආදිය ස්‌ථාපනය සඳහා ශ්‍රමය අත්‍යවශ්‍ය වෙයි. මේ ජනතාව මේ සඳහා ස්‌ව කැමැත්තෙන් යෙදවෙන්නේ නම් ඔවුන්ට ජීවිතාස්‌වාදයක්‌ ද ඉන් සැලසේ.

ඊළඟට වැදගත් වන්නේ ජනාවාස, නගර ගම් නිර්මාණයයි. පවතින නගර හා ගම් පුනරුත්ථාපන කිරීම මූලිකයි. එහෙත් මෙම නැවත පදිංචි කිරීමේ පෘථුල ක්‍රියාවලියේදී ජනාවාසයක තිබිය යුතු සියලු අංගෝපාංගවලින් සුසැදි හොඳ තත්ත්වයේ ජනාවාස ඇති කිරීම අරමුණ විය යුතුයි. එම ජනාවාස කලින් තිබුණාට වඩා උසස්‌ ගණයේ හොඳ තත්ත්වයේ ජනාවාස විය යුතුය. ජනතාව තම ඉඩම්වල යළි පදිංචි කිරීමත් සමග සමාජ සහභාගීත්වයෙන් යුතුව මෙම ක්‍රියාවලිය කිරීමට හැකිවෙයි. ජනතාවගේ නියෝජිතයන් ද ක්‍රියාකාරී කමිටුවලට ගම් මට්‌ටමෙන්, ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස මට්‌ටමෙන් සහභාගි කර ගැනීමෙන් මෙය වඩාත් හොඳින් කළ හැකිය.

තාවකාලිකව ඇති කළ පහසුකම් ස්‌ථාවර ලෙස නිර්මාණය කිරීම දිගුකාලීන වැඩපිළිවෙළක්‌ වුවත් එය මෙම නැවත පදිංචි කිරීමේ ක්‍රියාකාරී සැලැස්‌මෙහි අඩංගු විය යුතුයි. සිවිල් පරිපාලනය ස්‌ථාවර ලෙස පිහිටුවීම මෙයින් මූලික වෙයි. සිවිල් පරිපාලනය තහවුරු කිරීමත් සමඟම, යටිතල පහසුකම් ස්‌ථිර ලෙස නිර්මාණය කිරීම ඇරඹිය හැකිය. මේ සඳහා කවුරුන් කෙසේ ප්‍රතිපාදන සපයන්නේද යන්නද ක්‍රියාකාරී සැලැස්‌මෙහි විස්‌තර විය යුතුයි. මෙහිදී රෝහල්, පාසල්, තැපැල් සේවා, ප්‍රවාහන සේවා, දුම්රිය, බැංකු සහ වෙළෙඳපළ පහසුකම් ද අනෙකුත් සිවිල් ජනතාවට අවශ්‍ය රාජ්‍ය පහසුකම් ද සැපයිය යුතු වෙයි. ගම් මට්‌ටමින් ජනාවාසවල ජනතාව පදිංචි කිරීමත් සමඟ දිස්‌ත්‍රික්‌ක, ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස හා නගර ආශ්‍රිත පහසුකම් ජාලය නිර්මාණය වීමට අවශ්‍ය පසුබිම සකස්‌ වෙයි.

මෙම නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය හුදු යළි පදිංචි කිරීමේ ක්‍රියාවලියකට වඩා ත්‍රස්‌තවාදයෙන් බැට කෑ ජනතාවක්‌ ඉන් මුදාගෙන, යළි එබඳු ත්‍රස්‌තවාදයක්‌ ඇති නොවන සේ ප්‍රතිෂ්ඨාපනය කළ යුතු වැඩපිළිවෙළකි. එබැවින්, ත්‍රස්‌තවාදයට මිනිසුන් නැඹුරු වීමට තුඩු දුන් කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් මෙම නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය සිදු කළ යුතුය.

රජයේ ස්‌ථාවරය වන්නේ ද එයයි. මෙහිදී ජනතාවගේ රැකී රක්‍ෂා හා ආර්ථික කටයුතු, අධ්‍යාපනය හා සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කරමින්, ඒවාට අවශ්‍ය පහසුකම් සම්පාදනය වන පරිදි මෙම කටයුත්ත සිදු කළ යුතුයි.

පාසල් යළි ගොඩනැගීමේදී කලින් තිබූ දශක ගණනක්‌ පැරැණි අර්ධ බිත්ති සහිත ශාලා වෙනුවට හොඳ පංති කාමරවලින් සමන්විත නවීන පහසුකම්වලින් යුත් ගොඩනැඟිලි ලබාදිය යුතුයි. ඉගෙනීමේ ක්‍රියාවලිය අඩාල වීම ත්‍රස්‌තවාදයේ නැඟී සිටීමට හේතුවක්‌ ලෙස දක්‌වන බව අමතක නොකළ යුතු=යි. ඉගෙනුම යන්න සමාජ ප්‍රගතියට හා චල්‍යතාවයට ඉතාමත් වැදගත් හෙයින් "පාසල" ඉතා ආකර්ෂණීය ලෙස නිර්මාණය විය යුතුයි. පැය 5-6 සිසුවෙකුට වාඩි වී සිටීමට හැකි පිටුවක්‌ හා ඩෙස්‌ක්‌ එකක්‌ ලබාදීම කළ යුතුයි. බොහෝ පාසල්වල ඇති "යකඩ පුටු" යළිත් හඳුන්වාදීම නොකළ යුතුයි. පාසල් පද්ධතිය තුළ ගුරු නිවාස පහසුකම් ඇති කිරීමෙන් හොඳ ගුරුවරු පාසල්වල රඳවා ගැනීමටත්, ඉන් අධ්‍යාපනය ඉහළ තලයකට ගෙන ඒමටත් හැකිය. ක්‍රියාකාරී සැලැස්‌මෙහි මෙම අවශ්‍ය පාසල් ගණන කොපමණ ද, කොහේ පිහිsටවිය යුතු ද යනාදිය හඳුනා ගත් විට ඒ සඳහා ආයෝජකයන් සොයා ගැනීම අපහසු නොවේ. සුනාමි ප්‍රදේශවල කලාක්‌ මෙන් මෙය සිදු කළ හැකිය.

අවශ්‍ය රෝහල් ප්‍රමාණය කොපමණද, කුමන මට්‌ටමේ ඒවාද පිහිටවන්නේ කොහේද යනාදිය ක්‍රියාකාරී සැලැස්‌මේ සෞඛ්‍ය පහසුකම් පිළිබඳ කොටසෙහි විස්‌තරාත්මකව දැක්‌විය යුතුය. එවිට, පාසල් මෙන්ම මෙම රෝහල් ඉදිකිරීම පිණිස ද ආයෝජකයන් සොයාගත හැකිය.

නවීන පාරවල් පද්ධතියක්‌, පාසල් පද්ධතියක්‌ හා සිවිල් පහසුකම් සහිත හොඳ පරිපාලන ව්‍යqහයක්‌ ගොඩනැඟීමෙන් උතුර දකුණ අතර පවතින වෙනස දුරු කළ හැකි අතර, එය සිංහල ද්‍රවිඩ වශයෙන් බොහෝ අය, විශේෂයෙන් බටහිර රටවල්වල උදවිය පෙන්නුම් කරන්නට උත්සාහ කරන ජනවාර්ගික වෙනස හා තිබෙන අසමානතාවය මග හැරිය හැකිය. බලය බෙදීමකින් ලැබෙන බෙදුම්වාදී අලාභයන්ට වඩා, රටක්‌ වශයෙන් එකට ජීවත් වීමට අවශ්‍ය සම තත්ත්වය මේ අයුරින් ආර්ථික, සමාජීය, අධ්‍යාපනික, සෞඛ්‍ය හා පරිපාලනමය යනාදී අංශවලින් ලබාදීම ඉදිරියේදී වඩා වැදගත් ප්‍රතිලාභ ලැබීමට ඉවහල් වන බව නිබයව කිව හැකිය.

අවතැන් වූවන් යළි පදිංචි කිරීම යනු ගමෙන් පිටවූ අය යළි ගමට කැන්දාගෙන යනවාට වඩා වැඩි සංකීර්ණ කාර්යයක්‌ බව මෙනයින් පෙනේ. වඩා හොඳින් හා ක්‍රමානුකූලව කාලය කළමනාකරණය වන පරිදි වැඩ පිළිවෙළ සැකසීමෙන් ඉක්‌මනින් හා චිරාත්කාලයක්‌ පවතින ලෙස මෙම කාර්යය නිමා කළ හැකි වන්නේය. එබඳු සුඛනම්‍ය වැඩපිළිවෙළකින් දැනට මතුවෙන බොහෝ විවේචන චෝදනාවලට හොඳ පිළිතුරු ලබාදිය හැකිය.

මහාචාර්ය අමරසිරි ද සිල්වා

No comments:

Post a Comment