Sri Lanka politics and commentary

UN- බලු පැනල් එක පිලිබද ලිපි

Monday, July 20, 2009

නලින් ද සිල්වා vs ගුනදාස අමරසේකර

12/07/09 ඉරිදා දිවයින

එක්‌ සතියක ඉන්දියාවේ ඊනියා ප්‍රතිකුමන්ත්‍රණයක්‌ ගැනත් ඊළඟ සතියේ අපට ආදරයෙන් අපේ වැරැදි නිවැරැදි කරගැනීමට ටොකු අනිමින් අවවාද දෙන වැඩිහිටි සෙහොයුරකු වූ ඉන්දියාවක්‌ ගැනත් ඊනියා දේශපාලන විග්‍රහ නමින් කව් සංකල්පනා ලියන්නන්ට ඉන්දියාවේ භූමිකාව පිළිබඳ මෙලෝ හසරක්‌ අවබෝධයක්‌ නොමැති බව පැහැදිලිය. ව්‍යාජ මාක්‌ස්‌වාදයක එල්ලී ආර්ථික හේතු සොයන්නන්ට දැන් ඉන්දියාවේ මැදිහත් වීම පෙනෙන්නේ ලංකාව චීනය සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම්වලට දක්‌වන විරෝධයක්‌ ලෙසය.

08/07/09 විදුසර

ගුණදාස අමරසේකර මහතා ද තම කෘතිවල, ගමනක මුල කෘතියෙහි වුව ද, පන්සල හා භික්‍ෂුන්වහන්සේ ගැන එතරම් සඳහනක්‌ නො කරයි. ඔහුට වුව ද ගුරුවරුන් හා වෙද මහත්වරුන් චරිත වන්නේ තම මවුපියන් සම්බන්ධයෙන් ය. පනස්‌ හයේ පෙරළියට මුල් වූ භික්‍ෂූන්වහන්සේ කිහිප දෙනකු ගැන කියවුණ ද පන්සල හා ගම අතර සම්බන්ධය ඒ මහතා අතින් ද නිරූපණය නො වෙයි. මෙරට ඉහළ පෙළේ සංස්‌කෘතික ලේඛකයන් දෙදෙනකු ලෙස විමල් දිසානායක මහතා ගේ සම්භාවනාවට පාත්‍ර වන වික්‍රමසිංහ හා අමරසේකර මහතුන් අතින් එසේ සිදු වන්නේ අප නො දන්නා සංස්‌කෘතියක්‌ හා ජාතික චින්තනයක්‌ ඔවුන් දන්නා බැවින් ද?

No comments:

Post a Comment